(අංජුල මහික වීරරත්න සහ ෂේන් සෙනෙවිරත්න)
තමාගේ නම කෙසේ වෙතත් මෙවර ජනපතිවරණය ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටු ලකුණ දැකිය හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයින් අතර රනිල් වික්‍රමසිංහ මහතා ද සිටිය හැකි බවද රාජපක්ෂ කීය.
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේද කීවේය. අපි වැඩපිළිවෙළක් හා සැලැස්මක් එක්ක දේශපාලනය කරන අය යි. ආවට ගියාට අපි තීන්දු ගන්නේ නැහැ. රටේ අනාගතයත් පක්ෂයේ ප්‍රතිපත්ති ගැනත් හිතලා බලලා තමයි තීරණ ගන්නේ. අපේ පක්ෂය ගොඩ නැගුනේ යම් අරමුණක් ඇතිවයි.
කාලානුරූපීව මේ රටේ පක්ෂ වල ප්‍රතිපත්ති නවීකරණය වෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් නවීකරණය වෙන්න උත්සහ කරනවා. අනුර කුමාර දිසානායක ඉන්දියාවට කැනඩානට ඇමරිකාවට ගියා. ඒ අය ඉන්දීය ව්‍යාප්ත වාදයට විරුද්ධ සටන් එදා මොනතරම් සටන් කළාද ?. ඔවුන් අද යම් වෙනසකට මුල පුරා තියෙනවා. ජනතාවට තෝරා ගන්න විලක්ප රැසක් තිබෙනවා. ඒ අතරින් ගැලපෙන හොඳම විකල්පය ජනතාව තෝරා ගනීවි.

COMMENTS
"ජනතාවට තෝරා ගන්න විලක්ප රැසක් තිබෙනවා. ඒ අතරින් ගැලපෙන හොඳම විකල්පය ජනතාව තෝරා ගනීවි"
ජනතාවට තෝරා ගන්න විලක්ප රැසක් තිබෙනවා. ඒ අතරින් ගැලපෙන හොඳම විකල්පය රටට දේශපාලන වෙනසක් වෙනුවෙන් ජාතිවාද ආගම්වාදී පක්ෂග්‍රාහී නොවන අපේක්ෂකයකු ජනතාව තෝරා ගනීවි.
අනේ බොල, අනුර ඔය කියන රටවල් වලට ගියා වගේද මේ කරගන්න වෙලා තියෙන වින්නැහිය. මහලොකුවට රනිල්ට වෙලාවකට විරුද්ධව වගේ එකක් කියල දැන් හිනා වේවි මෙහෙම කියනවා. ලැජ්ජාවක් කියලා එකක් දැන් නම් ගෑවිලාවත් නැහැ වගෙයි පෙන්නේ. නුඹලා වගේ උන්මත්තකයන්ට චන්දෙ දුන්නොත් ඒ උනුත් උන්මත්තකයන්ම තමා.
ඔව් ඔව්, ජෙප්පොයි ඔයාලගෙයි ලොකු වෙනසක් නැහැ. දෙගොල්ලම රට වැනසුවා. ඔයාලනම් බලය තියාගෙන. ජෙප්පො වනචාරී විදියට.
රට වළපල්ලට ඇදලා දාපු දූෂිතයෝ. ඔය එකෙක්ගෙන්වත් වැඩක් වෙන එකක් නැහැ .
ජනාධිපති රනිල් රට අගාධයකට වැටුණු වෙලාවේ භාර ගත්තා තිබුණා ප්‍රශ්න යම් තරමින් සමනය කර සහනයක් සලසා තියෙනවා. ඒත් ඊළඟ ජනාධිපතිවරණය වෙලාවේ පොහොට්ටුව යටතේ රනිල් ආවොත් (පක්ෂයේ මහ ලේකම් කියූ දේශපාලන පලිගැනීම් වලට ලක්වූ පාක්ෂිකයින්ට සහන සැලසීම කරන්න බැරිවේවි) පාක්ෂිකයින්ගේ පවුල්වල විනාශය සිදුකළ මාලිමා සරණං ගඡ්චාමි කියන්නම වෙනවා. මට නම් පොහොට්ටුවේ අය මාලිමා අයටත් අන්තයි කියන්න කරුණු කාරණා බොහෝමයක් තියෙනවා.
ලංකාවේ කකුල් දෙකේ ගවයෝ ඉන්නකන් හොඳයි මේ ගොල්ලන්ට.
දැන් ඉතින් වෙන කරන්ට දෙයක් ඇත්තෙම නැහැනේ. ඉතින් කබරගොයාට තලගොයා කියමු.
අහෝ.. අහෝ... ඒතරමටම පල්ලම් බැහැලද ? "මහ දවල් මහ බැංකුව " අමතක උන හැටියක් නේද අප්පා ? ඕකනේ කියන්නේ කන්න ඕනෑ උනහම කබරගොයත් නිකන් "චිනුක් සැමන් කෑල්ලක්" වගේ දිස්නෙට රහට පේනවා කියල.
තවත් ඉතින් මිනිස්සුන්ව අන්දවන්න තමයි හදන්නේ, නෙලින් කියන්නේ නෑ මුට්ටිය දාලා බලනවා ,,,,
බයිලා ...
මොවුන් කරලා තියෙන දේවල් මදිවට තව කටමැතත් දොඩවනවා....
ඔයාලගේ බංකොළොත් බව පේනවා...! ස්තුතියි...!
මෙයා දැන් කිව්වට ඕක මුළු ලංකාවම දැනගෙන හිටපු කාරණයක්නේ...!
මේවා දැකලත් තාම පොහොට්ටුවට කඩේ යනවා නම් ඉතින් ...!
තාත්තගේ අතේ හුරතල් වෙවී මොන දේශපාලනේද?. ඉස්සෙල්ලාම තනියම නීති විභාගේ ලියලා එන්න. ඊට පස්සේ රස්සාවක් කරලා තනියම හම්බ කරලා පෙන්නන්න. තනියම හිටගෙන ඉන්න ඉස්සෙල්ලා...!
අනේ කිරි පුතේ උඹට තේරෙන හරිය කිතුලට මේ නැග්ගා වාගේ වැඩිය කතා කරන්න එපා.
මේ වගේ සතුටින් හිනා වෙලා ඉන්න මිනිස්සු ඉන්න රටක ජීවත් වීමත් වාසනාවක්.....
ඒ කතාවේ තේරුම තමා, කිසිසේත්ම රනිල් නොවේ කියන එක
මේ අදබාල ළමයා දන්න ඉන්දීය ව්‍යාප්තවාදය…. වැලිකඩ වන්දනාව යන්න බලාගෙන ඉන්න බස් එක එනකල්….
පොහොට්ටු සරණාගතයෝ
පොහොට්ටුවේ අයියලාගේ විනාශය අත ළඟ
ඔව් අපිටත් දින තේරෙනව මොකක්ද තත්ත්වය කියල .... තව කෑලි හතරක් පහක් බලා ගන්න පුළුවන් වේවි .
රනිල් ඉල්ලුවත්, රාජපක්ෂ කෙනෙක් ඉල්ලුවත් මිනිස්සු නම් ඡන්දේ දෙන්නේ නෑ. එජාප, පොහොට්ටු දෙකටම මිනිස්සුනම් ඡන්දේ දෙන්නේ නෑ...
කැළණි පන්සලට යන්නේ කවදාද, නයි නටවන්න? නයි සෙල්ලමට රැවටුණු රටේ ජනතාව මේ පාර " නියම දේශපාලනය " වටහාගෙන තියෙනවා. ඒ අයත් මේ පාර ජාතික ජනබලවේගයට !!! මාලිමාවට ජයවේවා !!!
ඔබලා ඔක්කොම එකයි කියලා අපි දැනගෙන හුඟක් කල්. අපි ඒකට ඉදිරියේදී සලකන්න බලන් ඉන්නේ...
අනේ යන්න... !
මෙයාගේ කොන්ත්‍රාත් එක සමයං ගෙදර නියමෙට කර ගහලා වගේ...!
කවුරු වුණත්කමක් නැහැ... පොහොට්ටුවෙන් ආවොත් කුල්ල කූජීත වෙන්න පරද්දවලා අපි ගෙදර යවන්නම්...!
අනේ යන්න...!
ව්‍යාප්තවාදයට විරුද්ධ වෙන එකයි, රටක් එක්ක සාකච්ඡා කරන එකයි වෙනසවත් දන්නේ නැති කෙනෙක් මේ...
ඔබලාගේ වැදිබණ අපිට එපා...
මිනිස්සුන්ගේ ආශිර්වාදය තමයි නැත්තේ?
ඔබතුමාලා අදහස් ප්‍රකාශ නොකරන තරමට මිනිස්සුන්ට සැනසීමක්. ඔබතුමාලා ඇතුළු පොහොට්ටුව දැන් ලංකා දේශපාලන ඉතිහාසයේ විතරයි තියෙන්නේ. ඔබතුමාලා ලංකාවේ මිනිස්සු සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා ඉවරයි. ඔබතුමාලා මේ රටට, ජනතාවට කරපු අපරාධයට වෙන රටක නම් පොහොට්ටුවේ හැමෝම හා උපදේශකයෝ, අපරාධයට සම්බන්ධ හැමෝගෙම ප්‍රජා අයිතියත් අහෝසි කරලා ජීවිතන්තය දක්වා හිරේ ඇත්තමයි. නීතියෙනුත් ප්‍රකාශ කෙරුවනේ වැරැදිකරුවෝ කියලා... තව මොනවද මේ කියවන්නේ. සද්ද නොකර ගෙදරට වෙලා වෙන ජොබ් එකක් හොයාගන්න. උගත්, බුද්ධිමත්, අවංක මිනිස්සු මේ රටේ ඕනේ තරම් ඉන්නවා මේ රට හදලා ගන්න. ඒවාට බාධා කරන්නේ නැතුව පාඩුවේ ඉන්න. හාල්වලට, පිටිවලට ඡන්දේ දෙන හරක් දැන් මේ ලංකාවේ නෑ. මෙත් සිතින් කීවේ තමන්ට නොතේරෙන ඇත්ත. තෙරුවන් සරණයි.
හපොයි දෙයියනේ පොහොට්ටුවට ගිය කලක්