(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලිය මැයි 1 වෙනදා නොපැවැත්වීමට තීරණය කළ බව එම පක්ෂයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

මැයි රැලිය එම මාසයේ වෙනත් දිනයක පැවැත්වීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

මැයි පළමු වෙනිදා පසළොස්වක පොහොය යෙදී ඇති බවත් බොහෝ ස්වාමීන් වහන්සේලා එම පොහොය දිනය වෙසක් පොහොය ලෙස සලකන බවත් කාරියවසම් මහතා පැවසීය.