
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අයකු ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මීපේ දෙළුකැටිය පොලිස් මාර්ග බාධකයෙදී මෙම ත්‍රිරෝද රථයට නවතන ලෙස පොලිසිය අන කළත් ඔවුන් එම අන නොතකා පොලිසිය දෙසට වෙඩි තබා පළා ගොස් ඇති අතර පසුව එම ස්ථානයේ සිට පොලිස් නිලධාරීන් ඒ බව අවට පොලිසිවලට දන්වා ඇත.
ඒ අතර ඉකුත් දා සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා පැමිණ සිටි බස්නාහිර පළාත් අපරාද විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඇති අතර පැමිණි ත්‍රිරෝද රථයක් නවතන ලෙස අන කර ඇතත් ඔවුන් පොලිසිය දෙසට වෙඩි තබා පළායාමට උත්සහා කර ඇත.
ඒ අවස්ථාවේ පොලිසිය සැක ත්‍රිරෝද රථය පිටුපස හඹාගොස් වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.
වෙඩි ප්‍රහාරයත් සමග දෙදෙනකු මියගොස් ඇති අතර තවත් අයකු අසල රබර් වත්තට පැන පාළාගොස් ඇතැයි පොලිසිය කියයි.
පිස්තෝල වර්ගයේ ගිනි අවියක් ද සිද්ධිය වූ ස්ථානය අසල වැටී ඇතැයි පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය කියන කතාව හරි වෙන්නත් පුළුවන්... ගොතපු කතාවක් වෙන්නත් පුළුවන්...
ගස මුදුන් මුලෙන් උගුල්ලන්නේ නැතිව අතු කපා දැමීමෙන් පලක් නැත
අපරාධකරුවන් සමාජයෙන් තුරන්විය යුතුමයි. ඒත් මේ එක රැයට කටයුතු කිරීමේදී නිවැරැදි පුද්ගලයකු වුවත් වැරැදිකරුවෙක් ලෙස හංවඩු ගසා මරණයට පත්විය හැක...
දැන්ම කියන්න බැහැ.. පොලිස් ප්‍රකාශකත් ඕකම කියාවි. හැබැයි සත්‍ය වෙනස්ම සිදුවීමක් වෙන්න පුළුවන්, මතකනේ කුරුණෑගල වඩුබාස්ට කිව්ව ඒවා...!
නව පිටපතට ස්තූතියි. අපි කම්මැලිකමේ හිටියේ.