IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


පොලිස් කොමිසමේ ලොකු පුටුවක් හිස් වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජාතික පොලිස් කොමිෂන් සභාවේ  පුරප්පාඩු වූ සාමාජික ධුරයක් පිරවීම සඳහා   අයදුම්පත්  කැඳවා ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155අ ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි යම් තැනැත්තකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, පළාත් සභා මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු නම් එවැනි තැනැත්‍තකු ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්වීම සඳහා සුදුසුකම් නොලබනු ඇත.

එමෙන්ම  කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කරනු ලැබීමට පෙරාතුව රජයේ නිලධර‍යකු හෝ අධිකරණ නිලධාරියකු හෝ වශයෙන් රජයේ සේවයේ නිරතව සිටි සෑම තැනැත්තකුම එකී පත්කිරීම බලාත්මක වූ විට තමා දරමින් සිටි ධුරය අත්හැරිය යුතු අතර රජයේ නිලධර‍යකු හෝ අධිකරණ නිලධාරියකු හෝ වශයෙන් තවදුරටත් පත් කරනු ලැබීමට  නුසුදුස්සකු වනු ඇත.

ඒ අනුව මේ සඳහාවන අයදුම්පත පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) ක්ෂණික සබැඳි යටතේ ‘ජාතික පොලිස් කොමිෂන් සභාව  සඳහා සාමාජිකයන් පත්කිරීම’  නමින් පළකර ඇති ආකෘතිය අනුව පිළියෙල කළ යුතුය.

සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2024 ජූලි මස 01 දින හෝ එදිනට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම් ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව - කාර්යාලය ,ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව , ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ/ විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත්කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුය.



අදහස් (1)

පොලිස් කොමිසමේ ලොකු පුටුවක් හිස් වෙයි

අරවින්ද මොනරවිල Tuesday, 18 June 2024 12:45 PM

ඕකට මෙච්චර කාලයක් පත් වුනොත් ඉස්සරහට පත් වෙන්නෙත් පවතින ආණ්ඩුවේ හෙංචයියන්, ඒ නිසා ඕක ස්වාධීන ද නැත. ස්වාධීන කොමිෂන් පිහිටුවීමට නව ක්‍රමවේදයක් සකස් කළ යුතු අතර ආණ්ඩූක්‍රම ව්‍යවස්ථා සභාව නැමති විහිළුව අහෝසි කළ යුතුමය.

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1536 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1350 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 488 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site