
(අංජුල මහික වීරරත්න)
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පොලීසිය බාරව සිටින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ද දිවයිනේ නොමැති අවස්ථාවේදී පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය නැවත ආපසු හරවමින් පොලිස්පතිවරයා ධුරයේ පිහිටවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) පියවර ගත්තේය.
පොලිස්පතිවරයා නැවත ධුරයට පත් කරනු ලැබූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අද ඔහු තනතුරෙන් ඉවත් කර පැයක් ගත වීමටත් මත්තෙනි.
පොලිස්පතිවරයා යළි පත් කිරීමට අදාළ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ බීජිං නුවර සිට අවශ්‍ය නියෝග සියල්ලම වහ වහා ලබා දුන්නේය.
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් පොලිසිය බාර අමාත්‍යවරයා ලෙස ටිරාන් අලස් මහතාත් දිවයිනේ නො සිටින අවස්ථාවක පොලිස්පතිවරයා ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කටයුතු කිරීම බරපතළ වරදකියි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.
දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් දින දෙකකින් පැමිණීමට තිබෙන පසුබිම යටතේ පොලිස්පතිවරයා ඉවත් කිරීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවට ප්‍රබල සැකයක් මතුවන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ජනාධිපතිවරයාත් පොලිසිය බාර අමාත්‍යවරයාත් රටේ නොසිටින අවස්ථාවක පොලිස්පතිවරයා ඉවත් කිරීම රටේ සමස්ත පොලිසියම වසා දැමීමකට සමාන යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
ධුර කාලය ඉක්ම ගොස් තිබූ පොලිස්පති සී. ඩී .වික්‍රමරත්න මහතාට තවත් සති තුනක් සඳහා සේවා දිගුවක් ලබා දීමට මීට පෙර දී පියවර ගෙන තිබිණි.
COMMENTS
මේ රට මොන විදිහේ කුජීත වුන රටක් දැයි හිතා ගැනීමටත් බැරි තරම්. මේ රටේ ඉපදුන එක ගැන මට ඇත්තේ බරපතල කනගාටුවක් සහ ලැජ්ජාවක්.
මෙහෙමත් රැවටීමක්
එයා දන්නේ ඔය වගේ ජල්ලි අල්ලලා නම පත්තරේ දාගන්න විතරයි .නැතුව ආර්ථිකේ ගොඩගන්න එක ගැන අඹ මල් රේණුවකවත් දන්නේ නැහැ .කෝ අර තියනවා කිවුව දුර බලන චීන කන්නාඩිය ?
පොලිස්පතිවරයා පත් කරගැනීමට වඩා වැදගත්වන්නේ ඊශ්‍රායලයේ සිටිනා ශ්‍රී ලාංකිකයන් සහ ලෙබනනයේ සිටිනා ශ්‍රී ලාංකිකයන් ඉදිරි දින 3ක් ඇතුලත ගෙන්වා ගැනීමට විදේශ අමාත්‍යංශය කටයුතු කිරීම වේ
ව්‍යවස්ථා සභාවේ නියෝග වලට එරෙහිව කටයුතු කරන්න පිං ජනපතිට තියෙන බලය..? මෙහෙම විහිළු ලෝකේ කොහේද තියෙන්නේ..?
ඔය ජනපතිවත් මේ අය ඉවත් කරලා දාවිද දන්නේ නැහැ ඔය රට ගිය වෙලාවක
මෙහෙම පුලුවන් ද රටක් පාලනය කරන්න. ඔක තමයි මෙ මී හරක් ට කිව්වෙ චන්දයක් තියන්න කියල. ලංකාව බන්කොලොත් වෙලා විතරක් ඉතුරු උනොත් ඇති.
RW යනු පළපුරුදු ප්‍රවීණ දේශපාලනඥයෙකි.
පොඩි නාට්‍යක් නේ
මේ දිනමිණ පත්තරේ වෙබ්සයිට් එකද?
එක් වාර්තාවක තිබුනා කුඩු ජාවාරම් කාරයෙක් රකින්න මේක කලාද සැකයක් තියෙනවා කියලා ඒක එහෙම නම් රටේ උත්තරීතර ආයතනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පාලනය කරන්නෙ කවුද කියලා පේනවා නේද ඇත්තටම මැතිවරණ සදහා පවතින දිස්ත්‍රික් මනාප ක්‍රමය ඉතාමත් ඉක්මනින් අහෝසි නොකලත් මොනවා වෙයිද කියන්න බැහැ
මේ මොන විහිළුවක්ද ? රනිල්ගෙයි බැසිල්ගෙයි බල අරගලය, බැසිල්ට ඕන දේශබන්දුව පොලිස්පති කරගන්න රනිල්ට ඕනා කාවද කියලා පැහැදිලි නැති නමුත් එවුන් දෙන්නාගේ බල අරගලයට මැදිවෙලා අද පොලිස් දෙපතුමේන්තුව අසරණ අනාත තත්වයකට පත්වෙලා තියෙනවා. මේ අලි පොහොට්ටු හවුලේ කූජිත ආන්ඩුවේ කුස්සියේ රන්ඩු ජාතික වැදගත් කමක් ඇති ප්‍රවෘත්ති ලෙස පලකරන්න තරම් ලංකාදීපය පිරිහිලා !
පේනවා නේද දේශබන්දු ගේ හැකියාව
හරියට පොලිස්පති කෙනෙක් පත් කරගන්ඩ බැරි රටක්.අනික් දේවල් ගැන කවර කතාද .
මහින්ද නඩය තවම උත්සාහ කරන්නේ ඌගේ හෙංචයියෝ ප්‍රබල තනතුරු වලට පත්කර ගැනීමට පොලිසිය දේශබන්ධු ට නම් දෙන්න එපා ඌ පක්කලියෙක්
ආටක නාටක, අපි නොදන්නා ලයිව් වගේ ඕනෑම නමක් මේකට දාගත්තාට කමක් නැද්ද?
මේ පොලිස්පතිතුමා බුද්ධි අංශ නිලධාරියෙක්. කාර්යයේහි අති දක්ෂයෙක්... කථා බහ අඩු, ඉතාම සකසුරුවම්ව වචන භාවිතා කරන ඉතාම බුද්ධිමත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක්. හදවතින්ම ලංකාවට පණ ඇරලා ආදරය කරන උතුම් මිනිසෙක්. විශ්‍රාම ගියත් ඒ දක්ෂ මිනිසාගේ සේවය හැකි උපරිම කාලයක් ලබා ගැනීම මේ අවස්ථාවේ රටටම භාග්‍යයක්. කී දෙනෙක්ව කුඩු නායකයන් ඇල්ලුවා ද! පොලිසිය සූක්ෂමව ශෝධනය කරනවා, බුද්ධි අංශ භාවිතා කරලා. මෙයත් එක්ක නටන්න ජගතෙක් පොලිසියේ නෑ. කුඩු ජාවාරම් කාරයන් සියුම් උත්සාහයන් ගන්නවා මෙතුමාව ඉවත් කරන්න. විශේෂයෙන් ලංසා පාර්ශ්වය. පරිස්සමෙන් පොලිස්පතිතුමනි, ඔබතුමා දිවිපුදා රට රකින කෙනෙක් බව අපි දන්නවා. සියලු දෙවි රැකවරණයි මේ උතුම් මනුෂ්‍යයාට. දන්නා අය දන්නවා මෙතුමා කවුද කියලා....