IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පොඩි ලැසීගේ අවි ළඟ තබා ගත් හිටපු සෙබළා දැලේ

 

(ගයාන් සූරියආරච්චි )

දැනට විදේශයක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන  උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාර ගතවසිටින  පොඩි ලැසී  නැමැත්තාගේ නීති විරෝධි  ගිනි අවි ළග තබා ගත් යුද හමුදා හිටපු සෙබලෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු ඇඹිලිපිටිය කොතලාවල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි යුද හමුදා සේවයෙන් විශ්‍රාමලත් පුද්ගලයකු බව විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරු සන්තකයේ තිබී AK47 ගිනි අවියක් ඒ සදහා භාවිතා කරන  ජීව උණ්ඩ 25 ක්,  මැගසින් 01 ක්,  විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවි 01 යි , 9mm ජීව උණ්ඩ 07 ක් , එම මැගසිනයක්,  කඩු 02 ක් සහ  රම්බො පිහියක් අත්අඩංගුවට ගෙන ඇත.

කිසියම්  අපරාදයක් කිරීමේ සඳහා සැකකරු මෙලෙස ගිණි අවි කඩු සහ කිණිස්සක්ද සමගින් සැරසෙමින්  සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 



අදහස් (0)

පොඩි ලැසීගේ අවි ළඟ තබා ගත් හිටපු සෙබළා දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 52 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 132 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site