IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


පොකට් ගැසූ පොලිස් කත මාට්ටු

( ෂේන් සෙනෙවිරත්න )

මහනුවර ප්‍රධාන පෙලේ ඇඟලුම් අලෙවි මධ්‍යස්ථානයකදී කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරකම් කළ බව කියන පොලිස් කොස්තාපල්වරියක මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

මුදල් පසුම්බියේ හිමිකාරිණිය ඉකුත් අප්‍රේල් මස 09 වැනි දින අදාල ඇඟලුම් අලෙවි මධ්‍යස්ථානයට ගොස් මුදල් පසුම්බිය ඇතුළත් අත්බෑගය පසෙක තබා ඇඳුමක් පරීක්ෂා කොට නැවත අත් බෑගය අතට ගන්නා අවස්ථාවේදී එහි තිබූ මුදල් පසුම්බිය නොමැති බව දැන ගැනීමෙන් පසු මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිලි කොට තිබේ .

එහි අපරාධ අංශය මගින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු අදාල ඇඟලුම් අලෙවි මධ්‍යස්ථානයේ ආවේක්ෂණ කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන් පසු කිසියම් කාන්තාවක් විසින් අත්බෑගය විවෘත කොට මුදල් පසුම්බිය සොරකම් කරන ආකාරය එහි සටහන්ව තිබෙන අයුරු නිරීක්ෂණය වී තිබේ .

ඒ අනුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව සිදුකළ විමර්ශනවලදී ඇය පුජාපිටිය පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරියක බවට හඳුනාගෙන තිබේ .



අදහස් (8)

පොකට් ගැසූ පොලිස් කත මාට්ටු

ගජමෑන් Sunday, 05 May 2024 12:25 PM

මුදල් හිමිකාරිය පනින රිලවුන්ට ඉනිමං බැදලා කිව්වොත් නිවැරදියි. වෙළඳසැලකට යනවිට ගෙනයන්න දෙන්නෙ මුදල් පසුම්බිය හා අත්බෑගය පමණයි. එහෙම කරන්නෙ ඒක ආරක්ෂා කිරීමට බැරි දෙයක් නිසා තමයි සල්ලි දෙයියන්ගේ මල්ලි නිසා කුමන තනතුරක් දැරුවත් ඕවා කරන්න පෙළෙඹෙනවා. මතකනේ සුනාමි අනාතයින් සදහා ලෝකයේ හතරවටෙන් ලැබුණු මුදල් වලට වුනේ මොකක්ද කියලා. ඊලඟට මෑතක දී සිදුවූ එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදුවූ අලාභය අදාල අයට ලැබුනද? නැහැනේ ඒවත් ඉතින් ඔය කොස්තාපල්වරිය කලදේට වෙනසක් නැහැ

:       3       25

Wasantha Sunday, 05 May 2024 12:28 PM

වැටත් නියරත් ගොයමත් කෑ නම් කාට මේ ගැන කියමුද?

:       0       0

පිටරටවැසියා Sunday, 05 May 2024 01:35 PM

දේශපාලුවෝ එළිපිටම පොකට් ගහන, ත්‍රස්තවාදයට උදව් කරපු කෙනෙක් ඇමතිකම දරන රටක ඕකත් කජ්ජක්ද ?

:       7       26

පිටිගල මිලානෝ Sunday, 05 May 2024 04:26 PM

පොකට් ගැසීම පිළිබදව පොලිස් අභ්‍යාස ආයතනයේ උගන්වන කෝස් එකට වැඩිම ලකුණු ගත්තේ මෙයාලු.

:       1       17

රොෂාන් Sunday, 05 May 2024 09:06 PM

කවද්ද පොලිස් කාරයෝ හොඳ දෙයක් කළේ...? ඔවුන්ගේ ඉපදෙන ළමයි පවා වන්දි ගෙවනවා...

:       0       0

Kapila Sunday, 05 May 2024 09:55 PM

පොලිස් ලොක්කෝ පාතාලෙන් හා කුඩු මුදලාලිලාගෙන් කෝටි ගණන් ගන්න රටේ මේ කාන්තාව කරලා තියෙන්නේ පොඩි වරදක්. පහත් තැනින් වතුර ගලා යනවා වගේ මෙතැනත් වෙන්නේ...!

:       1       1

Heenpella Monday, 06 May 2024 02:09 PM

ඇත්තටම කණගාටු දායක පුවතක්, අද ශ්‍රී ලාංකික සමාජය තුළ පවතින ධරිද්‍රතාවය පෙන්නුම් කරන ඉතාම කනගාටුදායක සිදුවීමක් ! මේ තැනැත්තිය කුමණ රැකියාව කළත්, ඇයගේ ගෙදර සිටින දරුවන්ගේ බඩගින්නට, අධෝනාවට වෙන මොනවා කරන්දද?? දඩුවම් කිරීමට පෙර ගරු අධිකරණය හෝ සානුකම්පිතව තීරණයක් ගනීනම් සැනසීමට කරුනක් !! සහෝදරිය මගේ කණගාටුව !!!

:       1       0

Heenpella Monday, 06 May 2024 02:31 PM

ඇත්තටම කණගාටුයි, රැකියාව කුමක් වුවත්, අද ශ්‍රීලංකික මධ්‍යම පාන්තික ජනතාව අත්විඳීන සෝචනීය තත්වය පෙන්වා දෙන අපූරු කැඩපතක් !! ගෙදර සිටින තම දරුවන්ගේ අධෝනාව තත්ත්වයට වඩා බල්වත් !! චෝදනාව කුමක්වුවත් ගරු අධිකරණය සාධාරණයක් කරයි නම් ලොකු සතුටක් !!!

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 759 1

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


’යුද්ධයෙන් පීඩා විඳි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්
2024 මැයි මස 18 801 5

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 197 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක
2024 මැයි මස 18 983 2

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.


පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි
2024 මැයි මස 18 2679 12

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත


ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි
2024 මැයි මස 18 407 1

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 789 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2338 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2006 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site