IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


පුද්ගලයන්ගේ පළමු දේපොළ කුලී බද්දෙන් නිදහස්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය  අධ්‍යයනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීම අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් මතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි අදාල කාරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය විකෘති තීරණයක් බවයි.  එම තීරණය  කාන්තාවන්ගේ අයිතිවාසිකම් වලට අභියෝග කරන බවද ජනාධිපතිවරයා කීය.

පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බවත් ජනාධිපතිවරයා  පාර්ලිමේන්තුවේදී කීය.



අදහස් (14)

පුද්ගලයන්ගේ පළමු දේපොළ කුලී බද්දෙන් නිදහස්

පිටරටවැසියා Tuesday, 18 June 2024 11:41 AM

එතකොට මෙයාගේ තීරණ ඔක්කොම ප්‍රකෘති තීරණද ??? සාපලත් දේශයක දිව්‍යලෝක සැප මොලොවදීම විඳින 226 ක්...!!!

:       5       12

Dileepa Tuesday, 18 June 2024 11:45 AM

හොඳ වැඩක්.

:       10       8

Manjula Bandara Tuesday, 18 June 2024 11:48 AM

ආයෙත් මෙයා නැත්තන් මහ රජාගේ සනුහරේම එකෙක් ගේමු ඈ. සිරි ලන්කන් බුද්ධිමත් ඡන්ද දායකයිනි...

:       6       16

Rata Perata Tuesday, 18 June 2024 11:53 AM

විකෘතිය වෙන මොකවත් නෙමෙයි තමුන්මයි... අවුරුදු ගානක් පැරදිලා, පිනට තනතුරක් අරගෙන ඡන්දයක් තියන්නේ නැතුව ඇදගෙන යාම විකෘතියක්

:       6       17

සත්‍ය ගවේෂී. Tuesday, 18 June 2024 12:02 PM

රටක ඉහළම අධිකරණයේ තීන්දු තීරණ වලට ලොව බලවත් රාජ්‍ය වල බලවත් දේශපාලනඥයන් පවා හිස නමා ආචාර කිරීම සිරිත වුවත් මේ වැනි පුංචි රටක ඇතැම් දේශපාලන අංශ අධිකරණ බලය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කටයුතු කිරීම රටේ නීතියේ හා අධිකරණයේ ස්වාධීනත්වයට කෙරෙන බලපෑමක් ලෙස අර්ථ දැක්විය හැකි නොවන්නේද ?

:       3       18

අරවින්ද මොනරවිල Tuesday, 18 June 2024 12:05 PM

රනිල් සමාජවාදයෙක් වෙලා ධනපතියන්ට බදු ගහන්න පටන් අරගෙන, ඔය විහිළු ඔක්තෝබර් 15 වෙනිදා වෙනතුරු විතරයි.

:       4       15

siri lankan Tuesday, 18 June 2024 12:31 PM

බදු ගහපන් පොඩි මිනිහාට තව පොඩි කාලයයි නේ

:       6       25

Prabha Tuesday, 18 June 2024 01:01 PM

ගෙවල් ගැන කතාව මොකද ? ගේ කතාව අස්සේ හංගන්නේ

:       6       16

Perera Tuesday, 18 June 2024 01:15 PM

ශ්‍රේෂ්ඨාධිකරණය දෙන්නේ විකෘර්ති තීන්දු නම් ඒකටත් පත්කරන්න ආණ්ඩුව ගහන ඕනෑම තාලෙකට නටන නීතිපති වගේ අයව

:       2       15

de silva berlin Tuesday, 18 June 2024 01:34 PM

රජයේ ආදායම් වියදම් පරතරය පියවගන්න කරන්න නම් රජය ගැඹුරු සහ දීර්ග කාලීන ආර්ථික ප්‍රතිසංස්කරණ වලට යන්න ඕනේ, පසුගිය අවරුදු දෙකේ පවතින රජයට පාර්ලිමේන්තු බහුතරයක් තිබුනත් ජනතා ප්‍රසාදය 10% පමණ පල්ලෙහට වැටිලා තිබුන නිසා ඔවුන්ට එක කරන්න බැරිවුණා , දැන් ජනාධිපති කල යුත්තේ ඉදිරි මැතිවරණ වලට (ජනාධිපතිවරණඉදිරි මස 3 තුල , මහමැතිවරණ , නොවැම්බර් දෙසැම්බර් මාසවල ) දින වකවානු නියම කරන එක , ඊට පස්සේ පුළුවන් පක්ෂවලට තමන් බලයට පත්වුනොත් ආර්ථිකය හසුරවන ආකාරය පිලිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන්න , ඉන්පසු පක්ෂවලට පුළුවන් ඔවුන්ගේ ප්‍රකාශන පිලිබඳ තර්ක විතරක් ඉදිරිපත් කරන්න ජනතාවට පුළුවන් ඒවා අධ්‍යයනය කරලා බලල චන්දෙ දෙන්නේ කාටද කියල තීරණය කරන්න , දැන් තිබෙන පැලැස්තර විසදුම් නිසා රට දිනෙන් දින අගාධයට යනවා .ඉන්දියාවේත් 90 දශකයේ මුල මෙවැනි ආර්ථික ප්‍රශ්න ඇතිවුන , ඔවුන් ක්‍රියාත්මක වුනේ මේ විදිහට ,ආණ්ඩු පෙරලුන කියල ඔවුන් ගත්ත මුලික ආර්ථික ප්‍රතිපත්තිමය තීරණ ඔවුන් වෙනස් කලේ නැහැ , බලන්න අද ඉන්දියාව ලබපු ආර්ථික දියුණුව ,යුරෝපේ දියුණු රටවල ආර්ථික ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක වෙන්නේ මේ ආකාරයට ,

:       3       14

Chandana Tuesday, 18 June 2024 02:36 PM

අපි ඔක්තොම්බරේ උඹෙනුත් නිදහස් වෙනවා බොල

:       4       20

Dhanushka Tuesday, 18 June 2024 02:42 PM

කාලකන්නි හැතිකරේ හොරාකාල රට බංකොලොත් කරපුවාගේ පව් ගෙවන්ඩ වෙලා තියෙන්නේ අහිංසක මහජනතාවට.. මූ ඡන්දෙ දිනයි උඩින්ම.. වරෙව් එකෙක් ඡන්දෙ ඉල්ලගෙන අපේ ගෙදරට.. එදාට තමා ඔවුන්ගෙ වන්දි බට්ටයො පාඩමක් ඉගෙන ගන්නේ..

:       2       18

චන්දිම Tuesday, 18 June 2024 03:56 PM

ඔබට දැන් වත් තේරෙනවද අපි ඉන්නේ කොයි තරම් භයානක ඉරණමක් ඉදිරියේද කියලා. රටේ උත්තරීතර අධිකරණය ජනතාවගෙ යහපත වෙනුවෙන් කරන නිර්දේශ මේ ජනපතිවරයා එයාගේ මාමා කළා වගේ හෑල්ලුවට ලක්කරලා තමන්ට ඕනි දේ කරන්න යනවා. මතකද පළාත් පාලන චන්දෙ තියන්න කියලා කල නිර්දේශය උපහාසයෙන් බැහැර කළා. ඒකාධිපති වාදය කියන්නේ වෙන මොකකටද? ඉදිරීයෙදිත් ජනපති වුනොත් රටේ උත්තරීතර නීතිය නොසලකන එක එක කමිටු වලින් ඒක හෑල්ලු කරන කෙනෙක් රටේ නිතියට අනුව කටයුතු කරයි කියලා හිතනවද? තමන්ට ඕනි දේ රටේ නිතිය වෙන ඒක ආයේ දෙකක් නැහැ. අනිවාර්යයෙන් රටේ මිනිස්සුන්ට වෙන්නේ යකඩ සපත්තුවට යට වෙලා නිවට විදියට ඉන්න. කරන්න තියෙන එකම දේ හැකි ඉක්මනින් මේ මර උගුලෙන් ගැලවෙන එකයි. නැත්නම් අර අරාබි නිසොල්ලාසයේ පාලු දුපතේ සිටි අභූත මහලු පුද්ගලයාට අහුවුණු මිනිසුන්ට වෙච්ච දේ තමයි.

:       2       13

Srinath Tuesday, 18 June 2024 04:31 PM

පළමු නිවසට බදු ගහන්න බෑනේ ඒක කුලියට දුන්නම ඉන්නේ කොහෙද .සමහර උදවිය තමන්ගේ ගෙදර කුලියට දීලා අඩු කුලියට ඉන්නවා .මේ ඔක්කොම 47 අවුරුද්දක් රට කරවපු උන්ගේ කෙරුවාවේ දක්ෂකම

:       0       10

ඔබේ අදහස් එවන්න

දියත

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි: සුළං ඉදිරියටත්
2024 ජුලි මස 18 153 0

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනහරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තිස්ස අත්තනායක රිය අනතුරක
2024 ජුලි මස 18 1604 2

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ජාවත්ත මාර්ගයේ සළුසල අසලදී අනතුරකට ලක්වී ඇතැයි නාරාහේන්පිට පො


උපසම්පදා පිංකමට ගල් පෙරළයි
2024 ජුලි මස 18 2325 3

කරුවලගස්වැව අලුත්ගම ලුම්බිණි විහාරස්ථානයෙ උප සම්පදා උත්සවයට සහභාගි වු පිරිසකට ඊයේ 16 දින සවස එල්ලවු ගල් හා පොලු මුගුරු ප්‍රහාරයකින් තුවාල ලැබු දෙදෙනක


බයිඩන්ට කොවිඩ්
2024 ජුලි මස 18 856 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි ධවල මන්දිරය පවසයි. 81 හැවිරිදි ජනාධිපතිවරයාට මීට පෙර ද ’කොවිඩ් 19’ ආසාදනය විය.


ලෝක උරුමයක් වූ මහා වංශය පුස්තකය
2024 ජුලි මස 17 980 2

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතු මහා වංශය පුස්තකය ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් අවුඩ්


අලුතෙන් හැදූ දුම්රිය නිවාස වැඩකට ගෙන නෑ
2024 ජුලි මස 17 890 0

රුපියල් කෝටි තිහකට ආසන්න මුදලක් වැය කර පොළොන්නරුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් සඳහා ඉදිකළ නිවාස සංකීර්ණයේ ව්‍යාපාරික කටයුතු සඳහා දෙවැනි මහලේ සහ පහත මාල


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 126 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 993 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1874 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site