
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වල්ලාපට්ටා කපන පිරිසක් ගැන සෙවීමට ආ වන නිලධාරීන් දෙදෙනකුට මාදම්පේ පනිරෙන්ඩාව රජයේ රක්ෂිතය ආසන්නයේ දී, පළාත් පාලන මැතිවරණයට තරග කරන අපෙක්ෂකයකු සහ තවත් අයකු පහරදීම නිසා එක් නිලධාරියකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
රාජකාරියට බාධා කළ බව කියන බිංගිරිය ප්‍රාදේශීය සභාවට තරග කරන අයකු සහ ඔහුගේ සගයකු බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
පහරකෑමට ලක්වූ බව කියන එක් වන සංරක්ෂණ නිලධාරියෙකු මාදම්පේ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින බව වන නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
වන සංරක්ෂණ නිලධාරීන් දෙදෙනා පැමිණි යතුරු පැදියට ද සැකකරුවන් පහරදී අලාභානි සිදු කර ඇතැයි වන නිලධාරීහු පවසති.
පනිරෙන්ඩාව රජයේ රක්ෂිත වනාන්තරයේ ඇති වල්ලාපට්ට ගස් කැපීමේ නිරතව සිටින පුද්ගලයින් කිහිප දෙනෙකු අල්ලා ගැනීමට වන සංරක්ෂණ නිලධාරීන් ගිය අවස්ථාවේ මාර්ගය ආසන්නයේ සැකකටයුතු ත්‍රීරෝද රථයක් නවතා තිබෙන අයුරු දැක එහි සිටින දෙදෙනා පරීක්ෂාකර බැලීමට ගොස් ඇතැයි කියති.
වන සංරක්ෂණ නිලධාරීන්ට පහරදී ඇත්තේ මේ අවස්ථාවේදී යැයි එම නිලධාරියා වැඩිදුරටත් කීය වැටලීමට ගිය වන සංරක්ෂණ නිලධාරීන් දෙදෙනාට සැකකරුවන් දෙදෙනා අසභ්‍ය වචනයෙන් දිගට හරහට බැන වැදී පහර දීම සිදු කර ඇතැයි වනනිලධාරී හු වැඩිදුරටත් පැවසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා හොඳයි කරත්තෙක බඳින්න.
එයවගේ වැඩි හරියක් තමයි ප්‍රාෙද්ශීය සභාවල ඉන්නේ... කෝටි ගණන් මහජන මුදල් නාස්ති කරන්නේ මොවුන්ව පත්කරන්න තමයි.
මාදම්පේ රෝහලේ කොර වාට්ටුවක් නැතිද?
හානේ. වල්ලපට්ටා ටිකක්වත් කපලා ඡන්දයට පෝස්ටර් ටිකක් ගහගන්න ගියා... ඒකටත් කෙලියනේ...
වල්ලපට්ට වලට අදාල නීතිමය ක්‍රමවේදය ප්‍රසිද්ධ කරන්න.මොකද ගහක් දැක්කම කපලදාන එක අපි කරන්නේ.පලක් ගන්න බැරි ගස් මොනව කරන්නද. කලුවර ගහත් එසේමයි.වවන්නාට ප්‍රයෝජන ගන්න ඛෑ රටේ නීති අනුව. ඉතින් පැල කපල දානවා.
ජනදේට.කලින් මෙහෙම.නමි බලය.ලැබුනොත් මුලු මිදමිපේම ඉවරයි