(ගයාන් සූරියආරච්චි)
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ රූපලාවන්‍ය ආයතනයේ ක්‍රීම් වර්ග ඇතුළු රූපලාවන්‍ය භාණ්ඩ බෙදාහරිනු ලබන කුරියයර් ආයතනයට ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය මගින් කළ ඉල්ලීම එම ආයතනයේ ප්‍රධානීන් ප්‍රතික්ෂේප කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයෙක් පැවැසීය.
ඒ අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සදහා එම කුරියයර් සමාගමේ සභාපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට ඉදිරිපත් වන ලෙස ඉල්ලමින් අධිකරණ නියෝගයක් ලබාගැනීමට කටයුතු කරගෙන යන බව ද එම නිලධාරීයා කීය.
නිරූපණ ශිල්පිනියක් ලෙස පියුමි හංසමාලිට මෙතරම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම සදහා මුදල් ලැබුණේ කෙසේද යන්න පිළිබදව ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා විසින් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාට කළ පැමිණිල්ලකට අනුව සංවිධානාත්මක අපරාධ මගින් උපයාගත් වත්කම් විමර්ශන ඒකකය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබුණි.
මේවන විට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශනවලට අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිහරණය කළ රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය රුපියල් ලක්ෂ 780 කට මිලකට මිලදී ගෙන තිබුණි.
එමෙන්ම පියුමි හංසමාලි විසින් කොළඹ 7, වෝඩ් පෙදෙසේ නිවාස සංකීර්ණයකින් රුපියල් කෝටි 15 කට ආසන්න මුදලකට සුඛෝපභෝගී නිවෙසක් ද මිලදී ගෙන තිබිණි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශනවලට අනුව පියුමි හංසමාලි ඇතුළු ඇයගේ සමීපතමයන් විසින් පරිහරණය කරන බැංකු ගිණුම් 19 ක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට ඉකුත් දා අධිකරණයෙන් අවසර ලැබී තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිසිපත් රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් අධිකාරී සුජීව විජයසේන, සංවිධානාත්මක අපරාධ මගින් උපයාගත් වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සම්පත් රාජකරුණා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ඉදිරි විමර්ශන සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශයේ කෙරුවාවල් ගැන වෙනම විමර්ශනයක් ආරම්භ කළ යුතුයි
ලංකාවේ මාස දෙක තුනකට සැරයක් ගෑණියෙක් අල්ල ගෙන ඒකි නිරුවත් කරනවා. ඉස්සර හොලිවුඩ් නිළියන්ට කළා වගේ. කවුරුවත් කතා කරන්නෙ නෑ ඇයි අර රේන්ජ්රොවරේ ඒ යකා ගෝඨාට දුනේනේකියල. ඒක අල්ලසක් කියල හොදටම පැහැදිලියී. මේ ගෑණි ගස් බදින්න ඉස්සර වෙලා ඒක හොයල හිටපියවු.
ව්‍යාපෘති සඳහා වැය කර ඇත්තේ ව්‍යාපෘති මුදලින් 40%ක් පමණක් බවත් බොහෝ වැඩකටයුතු අවසන් වී නොමැති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කර මේ කියන්නේ ගජමිතුරන් විසින් අවභාවිතා කරන ලද බිලියන ගණනක මහජන මුදල් ගැනය. හැමදාම නිකරුනේ කතන්දර හදනවට වඩා මේ සම්පත් වියදම් කරලා මේ දූෂණ හොයන්න බැරි ඇයි?
නැව් ගියපු පාරවල් සේරම මූදේ ඇඳෙන එකක්යැ. ඉතිං නැවක් යනවා කියන්නෙම සල්ලි තමයි.