(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පියා සහ බාප්පාට අධිකරණයෙන් දඩ නියම කර ඇති බව බඳවා ගැනීමේ ආකෘති පත්‍ර සඳහන් නොකළ යි පවසා වසරකට අධික කාලයක් සේවය කළ ආධුනික කොස්තාපල්වරයකුගේ පත්වීම අවලංගු කර ඇතැයි පොලිස් ආරංචි ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙලෙස පත්වීම අවලංගු කර ඇත්තේ පිලියන්දල පොලිසියේ සේවය කළ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකි.
2021 සැප්තැම්බර් පළවෙනි දින පොලිස් සේවයට එක් වී මූලික පුහුණුව හැදෑරීමෙන් පසු පිළියන්දල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ යෙදී සිටිය දී මෙම නියෝගය මීට දින කිහිපයකට ඉහතදී ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
කුලී රැකියාවක නිරත කොස්තාපල්වරයාගේ පියා 2017 වසරේදී නිවසේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා වැලිගොඩ දැමීමේ වරදට හසලක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 10,000 ක දඩයක් නියම කර තිබූ අතර 2021 මාර්තු 2 වැනි දින බලපත්‍ර නොමැතිව බරවර්ධන ඔයේ මැණික් පතල් කැපීමේ වරදට එම පොලිසිය මගින් ම අත්අඩංගුවට මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රුපියල් 5000ක දඩයක් ද නියම කර තිබිණි.
ඊට අමතරව කොස්තාපල්වරයාගේ බාප්පා 2021 වසරේ පෙබරවාරි එක් වෙනි දින බරවර්ධන ඔයේ මැණික් පතල් කැපීමේ වරදට හසලක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 5000 ක දඩයකට යටත් කර තිබීම පත්වීම අවලංගු කිරීමට මෙම සිද්ධයට ආසන්නම හේතුව වී ඇත.
COMMENTS
අනුන් කල වරදක් තව කෙනෙකුගේ රැකියාවට අදාල වෙන්නේ කොහොමද.?
මෙ වරදවල් එකකටවත් මෙ කොස්තාපල් වරයා සම්බන්ද නැතිනම් කොහොමද ඔහුව සේයෙන් නෙරපන්නෙ ? අනෙක මෙ දඩ ගහපුව මෙ කොස්තපල් වරයා නොදැන සිටිය වෙන්නත් පුලුවන්. ඒ් උනාට පොලිසියෙ ලොකු ලොක්කො ඔනෙ තරම් ඉන්නව ලක්ශ ගනන් පගා ගන්න., ලොකු වැරදි කරල දේශපාලකයන්ගෙ උදවුවෙන් එව යටගහගෙන සේවය කරන්නේ. මගෙ නම් මතය තනතුරට අයදුම් කරන්නගෙ විස්තර සොයා බැලුවම හොදටම ඇති. ඔනෙ තරම් හොද පවුල්වල දරුවො ඉන්නව කුඩු ගහන. එ වගෙම පොකට් කාරයන්ගෙ, අපරාද කරුවන්ගෙ දරුවො ඉන්නව සමජයේ හොදින් ජීවත් වෙන.
මෙ යල් පැනපු නිති දැන් වෙනස් විය යුතුයි.
ලංකාව දැන් ස්විට්සර්ලන්තේ වගේ. නීතිය කොච්චර පිරිසිදු රටකද අපි ජීවත් වෙන්නේ. අනේ වාසනාවන්, මැති ඇමති 225 දෙනා පාන් බාගයක් වත් හොරකම් කරලා නෑ නැත්නම් ඔතන ඉන්න වෙන්නේ නෑනේ.
පොලිසිය හරි
හැබැයි මරණ දඬුවම තියන උන්ට පාර්ලිමේන්තු යන්න පුළුවන .තුහ් නොදකින් කාලකන්නි රට
අවුරුද්දක් ඉඳලත් සේවයෙන් අයින් කළා කියන්නේ පොලිසිය ගත්ත අමු මෝඩ තීරණයක් .ශුවර් එකටම මොහු ඉන්න ගමේ කුහකයෙක් පෙත්සමක් ගහන්න ඇති .අපරාදේ මොහු වෙනුවෙන් රටේ ජනතාවගේ බදු මුදලින් ලබා දීපු පුහුණුව .දැන් ඉතින් එක්කෝ සිකියුරිටි නැත්නම් අන්ඩර් වල්ඩ්
පිස්සු ලංකාවක්
එහෙනං පාර්ලිමේන්තු වේ ඉන්න එවුන් ගෙ හත් මුතු පරම්පරාවටම රස්සා නැහැ
යල් පැනපු ක්‍රමය
සුද්දගෙ කාලෙ හදපු රෙගුලාසි තාම පාවිච්චි කරනවා. මෙව්වා දැන් විහිළු වෙලා.
එතකොට පොලිසියට බැදුනට පස්සෙ නිළධාරියාටම ඕනම වරදක් කරන්න පුළුවන් වෙන්නෙ කොහොමද ඒවාට දඩුවමක් නැද්ද මේක හරියට අතීතයේ හිටපු ගම්මුළාදෑනිගෙ වැඩ වගෙයි ඒ කාලයක් යන්තමින් හෝ මුළාදෑනිට හෝ ඔහුගේ ළමයෙක්ට වඩා උගතෙක් ගමේ හිටියොත් මොකක් හරි උපක්‍රමයක් කරල ඔහුට රජයේ රැකියාවක් ගන්න බැරිවෙන්න කටයුතු කරනවා.මම හිතනවා ඉවත්කල කොස්තාපල් සේවයේ හිටියනම් ඉතාමත් සාධාරණ කෙනෙක් වේවි කියලා
මේ පොලිස් නිලධාරීයාට අභියාචනායක් ඉදිරිපත් කරන්න පුලුවන් ...ඒ වගේම මීට් වඩා අපරාධ වරදවල් සිදුකරන පුද්ගලයන් කොතෙක් ඉන්නවාද... මිනීමැරුම් කල අය පවා රාජ්‍ය සේවයේ ඉන්නේ...
මේ වගේ නීති තියෙන රටක ආණ්ඩුවට පඩි ගෙවන්න, හරක් ඉන්න පාර්ලිමේන්තුවක් නඩත්තු කරන්න රටගිහින් ඩොලර් එවන්න අපි ගොන්නුද? අරුන් රටේ නීති රීති හදනව වෙනුවට පාර්ලිමේන්තුවට වෙලා බුරියානි කකා ජෝගි නටනව. ලොක් වන් මෑන් ෂෝ පෙන්නනවා.
සාවද්‍ය තොරතුරු ලබාදීම නිසා ඔහුව සිරගත කළ යුතුයි. අපරාධකාරයන්ගේ පුතාට රජයේ රැකියා ගන්න බැහැ
මේවගේ දේවල් සඳහා පැරණි නීති වෙනස් කිරීම සුදුසුයි.
මේවා අපරාද චොදනා නෙමෙයි නැවත සේවය ලබාදිය යුතුයි
මෙය අපරාධ වැරදි ගණයටයි වැටෙන්නේ, නමුත් පවතින නීති වෙනස් කිරීම සම්බන්ධව සලකා බැලිය යුතුය.