IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


පැහැරගත් ඉන්ධන බවුසරය බේරාගන්න හන්තානේ මහ යුද්ධයක්

(ඉන්දිකා රාමනායක සහ ජේ ඒ එල් ජයසිංහ)

මහනුවර හන්තාන කන්දේ සවිකර ඇති පුද්ගලික දුරකතන සමාගමක සම්ප්‍රේ තාක්ෂණ කුළුණක අවශ්‍ය රුපියල් ලක්ෂ 13 ක් වටිනා ඩීසල් තොගයක් ගිය ඉන්ධන බවුසරයක් අද අලුයම මග හරස් කර නවතා රියදුරු සහ සහයකට පහර දී  එම බවුසර් රථය පැහැරගෙන ගැනීමට තැත්කළ කොල්ලකරුවන් දෙදෙනකු මහත් වෙහෙසක් දරා මහනුවර මුලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කොළඹ සිට ඉන්ධන තොගය රැගෙත් මෙම බවුසරය හන්තාන සම්ප්‍රේෂණ කුළුණ බලා ගමන් කරමින් සිටියදි අලුයම 2.00 ට පමණ එය පැහැරගෙන ඇත.

කොල්ලකරුවන් සිව්දෙනකු ත්‍රිරෝද රථයක් මග හරස්කර නවතා ඉන්ධන රථය නවත්වාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

සැකකරුවන් රියදුරුට හා සහයක පහර දී ඔවුන් සතු මුදල් කොල්ල කා ඇති අතර, මෙම බවුසරයට පාර පෙන්වමින් කැබ් රථයකින් ගමන් ගත් පුද්ගලික දුරකතන සමාගමේ නිලධාරියකු ට ද පහර දී ඔහු සතු මුදල් ද කොල්ල කා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 119 වෙත ලැබුණු තොරතුරකට අනුව මහනුවර මුලස්ථාන පොලිසියේ හසිදි ඇමැතුම් අංශයේ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සැලවී පැයක් ඇතුළත වහාම එම ස්ථානයට ගොස් ක්‍රියාත්මක වීම හේතුවෙන් කොල්ලකරුවන් දෙදෙනකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (8)

පැහැරගත් ඉන්ධන බවුසරය බේරාගන්න හන්තානේ මහ යුද්ධයක්

S.H.liyanage Monday, 26 September 2022 08:46 AM

ඉතාමත් අගනා ආදර්ශයක්.... පොලීසිය කරන හොඳ වැඩ අගය කළ යුතුයි...

:       2       24

Saththaya Monday, 26 September 2022 08:46 AM

පැයක් ඇතුලත ගිහින් බේරාගන්න ලැබුන එකනම් ලොකුම ආශ්චර්යක් . දෙය්යෝ බැලුව වගේ. 119 හදිසි ඇමතුම් අංශය විනාඩි ගානක් ඇතුලත සිද්දිය වුන ස්ථානයට ලගාවීමට පුරුදු පුහුණු කරන්නේ නම් , ශ්‍රී ලංකා පොලීසියත් ජාත්‍යන්තර මට්ටමකට සම විය හැකි සේවාවක් වනු නියතයි .

:       1       35

Yasas Rashantha Monday, 26 September 2022 03:50 PM

"හදිසි ඇමතුම් අංශය, පැයක් ඇතුළත ක්ෂණිකව ක්‍රියාත්මක වීම" අනේ මන්දා, මොකුත් නොකියාම ඉන්නම්...

:       3       11

Wasantha bandara Monday, 26 September 2022 05:23 PM

ඉක්මණින් ගිහින් පැයක් කියන්නේ මොකක්ද?

:       2       2

Lelwala Monday, 26 September 2022 07:06 PM

මීට පෙර සොරාගත් දේවල් කැළෑවට අරගෙන ගියා නම් සොයාගන්න පුළුවනි...!

:       0       0

Saman Monday, 26 September 2022 08:41 PM

පැය නම් ගොඩක් වැඩියි..!

:       0       0

Dara paan Tuesday, 27 September 2022 12:25 AM

මේවා අමූලික බොරු. හන්තානේ ඉන්න කුඩ්ඩන් එක්කෙනෙක්වත් අල්ලන්නේ නෑ. මොකක්හරි කේස් එකක් වෙලා පොලිසියට ගියොත් "අරූ වෙන්න ඇති ඕක කලේ" කියනවා. හැබැයි අල්ලා ගන්නේ නෑ. දැන් ඔය අල්ලපු අයත් තව ටිකකින් එළියට දානවා. අපිටත් ඔය දේම වුණු නිසයි කියන්නේ...

:       0       1

Samantha Tuesday, 27 September 2022 10:52 AM

අවම 40km වත් යන්න තිබ්බා... කිසි පලපුරුද්දක් නැති හොරු සෙට් එකක්. දියවන්නාවේ class යන්න කියමු ඔය මොට්ට හොරුන්ට

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 684 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 861 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 369 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site