IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


පා දෙණිය -අනුරාධපුර මාර්ගය ජලයෙන් යටවෙයි

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )

පසුගිය දින දෙකක් පුරා පවතින අධික වැසි තත්වය හේතුවෙන් අද (25) උදෑසන සිට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටම අඩි පහ බැගින් විවෘත   කිරීමෙන් පසු පාදෙණිය - අනුරාධපුර ප්‍රධන මාර්ගය දැදුරුඔය පාළම ආසන්නයෙන් ජලයෙන් යටවී තිබේ.

මේ හේතුවෙන්  පාදෙණිය නගරයෙන් අනුරාධපුර දෙසට මාර්ගයේ වාහන ගමනාගමනය මේ වන විට නවත්වා ඇති අතර  අද උදෑසන 9.00 වනවිට මාර්ගය අඩි හතරක් පමණ ජලයෙන් යටව තිබිණ.

කොබෙයිගනේ, නිකවැරටිය, බිංගිරිය සහ හලාවත වැනි ප්‍රදේශ වල දැදුරුඔය ආසන්නයේ පදිංචි පිරිස් අවධානයෙන් සිටිය යුතු බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීව මහතා පැවසීය.

දොරටු අටම විවෘත කිරීම හේතුවෙන් තත්පරයට ඝන අඩි 28,000 ක ජල පරිමාවක් ජලාශයෙන් දැදුරුඔය වෙත නිකුත් කෙරෙන අතර මෙම තත්වය දැදුරුඔය පහල ප්‍රදේශ වලට ගංවතුර තත්වයක් ඇතිවිය හැකිබවද ඉන්ජිනේරුවරයා කීය.

ජල ගැලීම හේතුවෙන් වාරියපොල එබවළපිටිය ප්‍රදේශයේ ගොඩනැගිලි කීපයක්ද ජලයෙන් යටවී ඇත.


(ඡායාරූප: සුජීවා කෝට්ටේගොඩ)



අදහස් (0)

පා දෙණිය -අනුරාධපුර මාර්ගය ජලයෙන් යටවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 343 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2149 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1628 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site