IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


පාස්කු වින්දිත නඩුව විභාගයට නියෝග

රෝෂන් තුෂාර

පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් අගතියට පත් වින්දිතයින් පැවරූ නඩු මුල් අවස්ථාවේම නිෂ්ප්‍රභ කරන්නැයි හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මීගමුව දිසා විනිසුරු ලලිත් කන්නන්ගර මහතා නඩු සියල්ල විභාගයට ගැනීමට අද (11) නියෝග කළේය.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන,හි ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන යන නිලධාරීන් වගඋත්තරකරුවන් කරමින් කටුවා පිටිය බෝම්බ ප්‍රහාරයෙන් අගතියට පත් වූ වින්දිතයින් පැවරූ වන්දිනඩු 182 අදාළව මෙම නියෝගය නිකුත් කළේය.

හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් කියා සිටියේ තම සේවාදායකයින් දෙදෙනාම පොලිස් නිළධාරීන් වන නිසා ඔවුන්ට එරෙහිව පවරන ඕනෑම නඩුවක් පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව අදාල සිදුවීම මාස 3ක් ඉක්ම යාමට පෙර පැවරිය යුතු බවය.

පැමිණිලිකාර වින්දිතයින් අදාල නඩු පැවරීම බෝම්බ ප්‍රහාරය සිදුවී මාස තුනක් තුළ සිදු නොකිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් වන තම සේවාදායකයින්ට එරෙහි වන්දි නඩු මූලාරම්භයේදීම නිෂ්ප්‍රභා කළ යුතු බවත් එම නීතීඥයින් විසින් මූලික විරෝධතාව ඉදිරිපත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම මූලික විරෝධතාවය පූර්ව නඩු විභාගයේදී මූලික නෛතික ප්‍රශ්නයක් ලෙස සලකා විසඳිය යුතු බවද සඳහන් කළේය.

 



අදහස් (3)

පාස්කු වින්දිත නඩුව විභාගයට නියෝග

රුවන් Thursday, 12 December 2024 07:28 AM

වැරදිකරුවන්ට මරණ දඬුවම ලැබේවා... මියගිය ජනතාවට සැනසීම ලැබේවා.

:       0       0

රම්බොඩ Thursday, 12 December 2024 09:36 AM

කෝටි ගාණක වන්දි ගෙවිවා නේද ? අනේ මන්දා මේ නඩු නම්.

:       0       0

බකල ජයා Thursday, 12 December 2024 12:39 PM

මරු තර්කෙ. පොලිසියේනම් මිනීමැරුවත් මාස තුනෙන් පස්සෙ නඩු බැහැ. හරි ශෝක් ආඥාපනතක් නේද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 185 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1135 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site