IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


පාස්කු කොමිෂන් වාර්තාවේ සැඟවූ කොටස් සී.අයි.ඩීයට

(අංජුල මහික වීරරත්න)

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බාර දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුවේදී පැවසීය.

අදාල පාස්කු කොමිෂන් සභා වාර්තාව ඉතා හොඳින් අධ්‍යයනය කොට පරීක්ෂණ සඳහා යොදාගන්නා ලෙස තමා දැනුම් දුන් බවද ජනාධිපතිවරයා කීය.

"2019 පාස්කු ඉරිදා බලය ලබා ගැනීමේ අරමුණින් මේ රටේ විශාලම ඛේදවාචකය සිදුවුණා.2019 අප්‍රේල් මාසයේ සිට 2024 වසරේ සැප්තැම්බර් දක්වා පරීක්ෂණවල අරමුණ වී තිබුණේ සැබෑ සැලසුම්කරුවන් යටපත් කිරීමයි.ඔවුන්ගේ අභිප්‍රාය වී තිබුණේ සැබෑ වග උත්තරකරුවන් සැඟවීමයි.අප බලය ලබාගෙන මාස හයක් ගතවී තිබෙනවා .අප ඉතා නිරවුල්ව පියවරෙන් පියවර පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීම සඳහා ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා තිබෙනවා. එමෙන්ම ඉදිරියටත් ගනිමින් තිබෙනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවක් පැමිණියා.එහි වාර්තා සමාජයට හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කලේ නෑ. සමහර කොමිෂන් වාර්තා කොටස් සඟවා තිබුණා.අද පාස්කු කොමිෂන් සභා වාර්තාවේ සියලු සැඟවූ ලේඛන පවා විමර්ශනය සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යැව්වා.හොඳට කියවා විමර්ශනයක් කරන ලෙස මා පැවසුවා.

ප්‍රහාරය පිළිබඳ තැන තැන ආන්දෝලනයට තුඩු දුන් සිදුවීම් තිබෙනවා. වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කළ තැනට ජැකට් එකක් ගෙන ගොස් දැමුවේ කවුද?අප ඒ සැක තැන් ඔක්කොම නිරාකරණය කරමින් පරීක්ෂණ ඉදිරියට ගෙන යනවා.පාස්කු ප්‍රහාරයේ සැබෑ වග උත්තරකරුවන් හෙළිදරව් කිරීමේ වගකීම අප දරනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

 



අදහස් (2)

පාස්කු කොමිෂන් වාර්තාවේ සැඟවූ කොටස් සී.අයි.ඩීයට

ගුණරත්න Sunday, 20 April 2025 02:36 PM

අවුරුදු 5 පුරාම මේ පාස්කුව ඇදගෙන යාවි, කලින් පොරොන්දු වුණා පැය 24ක් යන්න කලින් පාස්කු වාර්තාව එළිදරව් කරනවා කියලා. එත් කෝ ?

:       0       2

ජගත් ලියනගේ Sunday, 20 April 2025 07:34 PM

ජනාධිපතිතුමනි . ඒ වගකිව යුත්තන්ට දඩුවම් කරන දවස එනකම් අපි ඇඟිලි ගනිමින් සිටින්නේ.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 183 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 250 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1131 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site