IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පාර අවහිර කර කලබල කළ එකම පවුලේ 5ක් අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි)

පුද්ගලයෙකු පහර දුන් බව පවසා හලාවත රෝහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් කළහකාරී ලෙස හැසිරුණු මව පියා ඇතුළු එකම පවුලේ පස් දෙනෙකු සහ පහර දුන් බව කියන පුද්ගලයකු  අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දැදුරුඔය, හලාවත ප්‍රදේශයේ පදිංචි  අවුරුදු 17 ත්  55 ත්  අතර පසු වන එකම පවුලේ පිරිසක්  සහ හලාවත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකි.

කාලයක් තිස්සේ දෙපිරිසක් අතර  පැවති ආරවුලක් හේතුවෙන් පුද්ගලයකුට පහර දී ඇති බව පොලිසිය කියයි.

පහර කෑමට ලක් වූ බව කියන පුද්ගලයා හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කලහකාරී  ලෙස හැසිරීම හේතුවෙන් රෝහල් ගේට්ටුවෙන් එළියට දමා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරුව එම පුද්ගලයා තම මව පියා සහ සහෝදරියන් දෙදෙනා ද සමඟ හලාවත රෝහල ඉදිරිපිට තමාට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස පවසමින් මාර්ගය අවහිර කරමින් කලහකාරී  ලෙස හැසිරී ඇති බව පොලිසිය පවසයි.

 



අදහස් (1)

පාර අවහිර කර කලබල කළ එකම පවුලේ 5ක් අත්අඩංගුවට

ජිල්බු Monday, 17 March 2025 10:47 AM

නැතිවෙලා "ඉන්න" ආයතන ප්‍රධානියව අත්අඩංගුවට ගන්නත් රටේම ජනතාවට ඔහොම කරන්න වෙයිද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site