
(සුමිත් පොතුපිටිය)
මගේ දුව කිසිදු පාපතරයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා නෑ.ඒ මම වගකීමෙන් කියන්නේ. මගේ දරුවාට එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ යැයි කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි සිහාරා නිර්මානී දැරියගේ මව වන ඩබ්ලිව්.ඒ.නෙලූකා මහත්මිය පැවැසුවාය.
කළුතර ලැගුම් හලක තෙවන මහලෙන් ඇදවැටි මියගිය පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට ඇය එක්කර ගෙන ගිය තරුණිය ඇතුළු තිදෙනකු පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු දැනට රිමාන්ඩ් බාරයට පත් කර සිටියි.
මෙසේ මියගොස් ඇත්තේ නාගොඩ පදිංචි සිහාරා නිර්මාණි නිශ්ශංක ද සිල්වා නමැති සිසුවියකි. ඇය කළුතර බාලිකාවේ 11 වසරේ ඉගෙනුම ලැබුවාය.
සිහාරාගේ මව වන නෙලුකා මහත්මිය මෙසේද පැවැසුවාය.
මගේ දරුවා ඉගෙන ගන්නත් හරිම දක්ෂයි. හැම විෂයකටම ඉහළ ලකුණු ගන්නවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ නවයක් ගන්න බලාපොරොන්තුවෙන් ඇය සිටියා.
මගේ දුව ප්‍රේම සම්බන්දතාවයක් පවත්වන බවට පොඩ්ඩක්වත් දැන ගන්න ලැබුණේ නැහැ. ඒ දරුවා එහෙම කෙනෙක් කියලා මා හිතන්නේ නෑ. කිසිදා නොදුටූ පාපතරයකු මගේ දරුවා බිලිගෙන තියෙනවා. මේ සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වාර්තා හේතුවෙන් තමන් සහ පවුලේ සාමාජිකයන් මහත් අපහසු තාවයකට පත්වුණා.
මගේ දුව සිද්ධිය වූ දින පස්වරුවේ නිවස අසල දන්සලක රැදී සිටියේ. ඇය ඇඳගෙන හිටියේ නිවසට අදින ගවුම පිටින්ම ඔය කියන දැරිය මගේ දරුවාව එක්කරගෙන ගියේ දන්සලක් කන්න කියල. මම කැමති වුණො නෑ. ඒ වෙලාවේ ඒ දැරිවි කිවා අදට විතරක් එක්කරගෙන යන්නම් අයේ කවදාවත් මම එන්නේ නෑ කියලා.
බෝයි ෆ්‍රෙන්ඩ් මුණගැහෙන්න යද්දී දන්සලකට යනවා කියලා තනියට මගේ දරුව එක්ක ගිහින් මගේ දරුවව පාපතරයකුට බිලිදීලා.
මගේ දරුවගේ වයස අවුරුදු 16 යි. ඇයට අවුරුදු 29 ක පුද්ගලයකු සමග ලැගුම් හලට යන්න උවමනාවක් නෑ. මත්පැන් පානය කළ බවට ඇතැම් මාධ්‍ය වාර්තා කළත් මගේ දුව මත්පැන් පානය කරන දැරියක් නොවේ ඒ බව මම වගකීමෙන් කියනවා.
මගේ දුවගේ වයස අවුරුදු 16 නිසා ඇයට ලැගුම් හලකට ඇතුළු වෙන්න බැහැ. ඒ නිසා ප්‍රදේශයේ වෙනත් ගැහැනු ළමයකුගේ හැදුනුම්පතක් ඉල්ලගෙන මගේ දුවව ලැගුම් හල තුලට රැගෙන ගිහින් මේ අපරාධය කරලා.
දැන් අපිට නැතිවෙන්න දෙයක් නෑ. අපිට ලොකු අසාධාරණයක් වුණා. ඒකට සාධාරණයක් ඉටුකරන්න කියා මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. මගේ දුවට වූ අපරාධය මේ රටේ තවත් දැරියකට වෙන්න ඉඩ තියන්න එපා යැයි ඇය අවසන් වශයෙන් ඉල්ලා සිටියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ළමයව රැගෙන ගිය යාළුවා මේ අපරාදයට සම සමව වගකියන්න් ඕනේ , ඇය වැනි අයට දැඩි දඬුවමක් දුන්නේ නැත්නම් ඔය වගේ අපරාද දිගින් දිගටම වේවි
ලමයි ගැන මීට වැඩිය අවධානය යොමු කරන්න ඕන. මේක බලෙන් පැහැරගෙන යාමක් නෙමෙයි. ලමයා කැමැත්තට ගිය ගමනක් කියලා දැනට තියෙන සාක්ෂි වලින් පැහැදිලිව පේනවා. මෙතන හෝටල් සේවකයිනුත් වැරදී. හෝටල් වලට සල්ලි ලැබෙනවා නම් වයස ගැන හොයන්නෙ නෑ..
පාපතරයාට හෝ මාධ්‍යවලට දොස් කීමෙන් පලක් නැත. මෙහි වගකීම මුළුමනින්ම ලමයාගේ මව බාරගතයුතුය.
වෙනත් ගැහැනු ලමයෙකුගේ හැදුනුම්පත හා දැරියගේ පෙනුම නොබලා කටයුතු කල ලැගුම්හල් හිමියාත් වරදක් කරල තියෙනවා ඔහුත් සොයාබලා කටයුතු කලානම් මේක වෙන්නෙ නැහැ එනිසා ඔහුටත් විරුද්ධව කටයුතු කරන්න ඕන
ඇන්ටි හරි, ඇන්ටි.
ඉහළම දඬුවම දෙන්න ජනපති thumani thawakenenkuta වෙන්න nodi
හැම අම්මා කෙනෙක්ම වගේ තම දරුවා සුද්ධ කරනවා. නමුත් අවුරුදු 16 කෙනෙක්ව බලෙන් අරන් යන්නේ කොහොමද එයා වුනත් කැමැත්තක් තියෙන්න ඇති. නැතුව කෙනෙක්ට තනි අතින්.අත්පොළසන් දෙන්න බෑ නේ. එක්කෝ අපේ රටේ ලිංගික අධ්‍යාපන උගන්වන්න ඕනේ. ඒ වගේම ගැහැනු ළමයෙක් කොටට ඇදන් ගියාම හැගීම් ඇවිස්සෙනවා කියලා කියන මානසික රෝගින්ට මුලින්ම බෙහෙත් ලබා දිය යුතයි. මීට දශක ගනනාවකට පෙර මෙරට කාන්තාවන් කොටට ඇදගෙන පාරේ ගියා ස්ත්‍රී දූෂණ අහන්න තිබ්බේ නෑ. පාසැල් වල සෞඛ්‍ය විෂයට ලිංගික අධ්‍යාපන ඇතුලත් කර නිසි අධ්‍යාපනයක් දිය යුතුයි. ඒ වගේම පෙර කී මානසික රෝගින්ටද ප්‍රතිකාර කල යුතයි.
ඔය කියන කතාව ඇත්ත නම් අර යාලුව තමා දැරිය විකුණාගෙන තියෙන්නේ.තම දරුවන්ට වැඩිහිටි අය සමග යාමට ඉඩදෙන්න එපා කියල කියන කතාව ඇත්ත. සම වයසේ අය අතර ඉන්න උනන්දු කරවන්න ඕන....
මෙයා හැම එකක්ම වගකීමෙන් කරලා.. ළමය හරියට හදන එක ඇරෙන්න...
පාපතරයා ඟට දන්සල් කන්න එක්කන් ගිය උන්දෑ ගැන කතා නැත්තේ මොකද?
ධර්මද්වීපය කියලා හිතාගෙන උන්නාට ලංකාවේ තරම් දූෂණ, අපරාධ වෙනරටක් ලෝකෙම නැතුව ඇති...
මේ ළමයාගේ යාලුවාටත්, පෙම්වතාටත්, පාපතරයන්ටත් මරණ දඬුවම දිය යුතුයි.
අම්මේ අපට හරිම කනගාටුයි .සත්‍ය එළිවෙයි .ආගම අනුව හිත හදාගන්න බලන්න .එක එකාගේ කතා අහන්න එපා.ඔය කියවන මිනිස්සු ඔක්කොටම පිස්සු
ශ්‍රී ලංකාවේ සියලුම දෙමාපියනි, කරුණාකර ඔබේ දරුවන් ගැන හොඳින් බලන්න. කිසිකෙනෙක් විශ්වාස නොකරන්න. ඔබේ ආදරණීය දරුවන් සුරක්ෂිතව හා සුරක්ෂිතව සිටීම ඔබේ එකම වගකීමයි. මෙය සියලුම දෙමාපියන්ට හොඳ පාඩමක්.
ඔබට ඔබේ දරුවා අහිමි විය. ඒ වේදනාව දන්නේ ඔබම පමණයි. අහිමිවීමට නියමිත තවත් දරුවන්ද සිටී... ගැටළුව නම් අහිමි වනතෙක් ඔවුන්ගේ දරුවා අහිමිවීමට නියමිත බව ඔවුන් නොදනී... ඔවුන් කාර්‍යබහුලයි.
අනුන්ට බැනලා වැඩක් නෑ. තමන්ගෙ ළමයගෙ වැරැද්ද තියාගෙන.බලෙන් උස්සගෙන ගිහින් නෑනේ ඉතින්.දෙමව්පියන්ටත් බැනලා වැඩක් නෑ අවුරුදු 16ක ළමයෙක් උනහම යන හැම තැනම අම්මලට පස්සෙන් යන්නත් බෑනේ.ළමයි බුද්ධිමත් වෙන්න ඕන හොඳ දේ වැරදි දේ තේරුම් ගන්න පුළුවන් වෙන්න
pubudu ඔබේ කතාව හරි. ඒත් කාටවත් බුද්ධිය දෙන්න පුළුවන් කමක් නැහැ.... එය උප්පත්තියෙන් ගෙන එන දෙයක්. ළමයින්ට හොඳ නරක කියා දෙන්න ඕනේ කව්ද? දෙමව්පියෝ, පාසල් ගුරුවරු හා කියවන පොතපත ඇසුරින්. අද ඔය එකක්වත් සිද්ද වෙනවද? ආදර හදවතක් තිබුණත් තාත්තා කියන පුද්ගලයා ළමයින්ට සැර පුද්ගලයෙක් විය යුතුයි. තාත්තා කියන නමට බය ළමයි හදන්න ඕනේ. ළමයින්ගේ වැරැදිවලට ගුරුවරු දඬුවම් කළාම දෙමාපියෝ ගුරුවරයාට විරුද්ධව පොලිසි යන සමාජයක් අපිට තිබෙන්නේ. ෆෝන් එකට කොට ඉන්න ළමයි ඉන්න රටක බුද්ධිමත් පරපුරක් කොහොම බලාපොරොත්තු වෙන්නද?
නීතියක් නැති රටක්!
ඔය මද්‍යපානේ බීම ජොලිය ගෑණු නොදන්නේ... කියන එකට මිස්ලා නටවපු dj කාරයෝ තමයි අද ළමයින්ගේ ඔලු කන්නේ... ඒ අය ගැන කිසිම කතාවක් නැහැ. සිද්ධියක් වුණාම ඔවුන් ඒකත් විකුණන් කනවා...
අම්මා කෙනෙකුට දරුවෙක්ට ගෙදරින් පිට කොහෙවත් යන්නට නොදීම ඉන්න පුළුවන්ද? දරුවෙක්ට එයා දන්න කිසිම කෙනෙක් එක්ක කිසිම ගමනක් නොයාම ඉන්න පුුළුවන්ද? සමහරවිට ඒ දෙකම මෙතෙක් කල්ම සිදු වුණු දෙයක් නිසාද දන්නෙත් නෑ, මේ දරුවාම ඔය වැඩෙට තෝරාගත්තෙත්... මේ අවසනාවන්ත සිදුවීමට සම්බන්ධ වැඩිහිටියෝ වැලක්ම ඉඳිද්දී තාමත් මේ දරුවගේ අඩුවක් හොයන අඳබාලයින් ඉන්න රටක නීතිය කවදා හැදෙයිද? තමන්ගේ කැමැත්තෙන් ගියත් අතවරයක් වුණොත් නීතිය ක්‍රියාත්මක වෙන රටවල මෙහෙම දේ වෙනවා අඩුයි. අපේ රටේ තාමත් සෑහෙන දෙනෙක් තාමත් කරදරයට පත් වුණු කෙනාගේ වැරැද්දක් හොයන්න තමයි බලන්නේ. දරුවෙක් දම්වැලක් දාලා කූඩුවක හදන බල්ලෙක් වගේ ලොකු කරන්න ඕන නෑ නේද?