IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


පාන් ලොරියේ යකඩ දොර ගැලවී ඇඟට වැටී සිසුවා මරුට

(සුමිත් පොතුපිටිය,  බිමල් ශ්‍යාමන් ජයසිංහ  සහ  දයා හේමන්ත සිල්වා)

බාල සොහොයුරා සමග සයිකල් පදිමින් සිටී 13 හැව්රිදි පිරිමි දරුවෙකු ගේ ශරීරයට පාන් ලොරියක යකඩ දොරක් ගැලවී  පතිතවීමෙන් එම දරුවා අද (25) මියගොස් ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව , හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටී  ගුණරත්න ගගන කාවින්ද  මෙන්ඩිස් නමැති 13 හැව්රිදි දරුවෙකු බව පොලිසිය කීය.

මියගොස් ඇති දරුවා වාද්දු මධ්‍ය විද්‍යාලයේ 8 වසරේ ඉගෙනුම ලබන දක්ෂ සිසුවෙකු බවද සදහන් වේ.

ඔහු සිය බාල සොහොයුරා සමග සයිකල් පදිමින් වාද්දුව රතු ගේට්ටුව  දෙස සිට හබරලගහලන්ද  දෙසට ගමන් කරමින් සිටියදී , ඉදිරියෙන් පැමිණි පාන් ලොරියේ පැති යකඩ දොර ගැලවී දරුවාගේ  පපුවේ වැදී දරුවා විසිවී බිම ඇදවැටී දොර ශරීරය මත පතිතව ඇතැයි පොලිසිය කීය.

බරපතළ තුවාල ලබා සිටී දැරුවා පානදුර මූලික රෝහලට ඇතුලත් කර දැඩ් සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දහවල් මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

වාද්දුව , වේරගම ප්‍රදේශයේ පදිංචි ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකල බව පරීක්ෂණ සිදුකරන නිළධාරීයෙක් කීය.

ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් රථවාහන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් කහටපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන් සංජීව (69124), කොස්තාපල් වරුන්වන  ගමගේ (35236) සහ සයුරංග
(94059) මහත්වරු පරීක්ෂණ පවත්වති.



අදහස් (1)

පාන් ලොරියේ යකඩ දොර ගැලවී ඇඟට වැටී සිසුවා මරුට

Bunny Preena Friday, 26 May 2023 04:27 PM

පවු අහිංසක දරුවෙක්... බොහොම නිදහසේ තම සොහොයුරා සමග. මෙය අනුන්ගේ ජීවිත ගැන කිසිම තැකීමක් නැති තනිකරම නොසැලකිලිමත් ලෙස අබලන් සහ ධාවනයට නුසුදුසු වාහනයක් මාර්ගයේ පදවාගෙන යාම නිසා සිදුවූ මරණයක්... වාහනය පැදවූ රියදුරාට දැඩි දඬුවම් ලබාදිය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 341 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 397 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site