IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ප්‍රවීණ කලාවේදිනී කුමාරි පෙරේරා සමුගනී

ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.

නැසීගිය ප්‍රවීණ ගායන ශිල්පි  ටී. ෂෙල්ටන් පෙරේරාගේ සහ රංගන ශිල්පිණී සූරියරාණි පෙරේරාගේ නැගණියක වන ඇය අට හැවිරිදි වියේදී වේදිකා රංගනය පිවිසියේ " වෙස්සන්තර' නාට්‍යයේ 'ක්‍රිෂ්ණජිනා'ගේ චරිතය රංගනය කරමිනි.

ඇය පැරණි ටවර්හෝල් නළු නිළි යුවළක් වූ ටි විල්බට් පෙරේරාගේ සහ සෝමකාන්තාගේ දියණියක වූ ඇය ප්‍රවීණ සංගීතවේදී  රංජිත් යාපා ද අල්විස් ඇයගේ ස්වාමි පුරුෂයාය.

මහාචාර්ය එදිරිවීර    සරච්චන්ද්‍රයන්ගේ "මනමේ" නාට්‍යයේ මනමේ කුමරිය ලෙස ද  "සිංහබාහු" නාට්‍යයේ සිංහ සීවලී ලෙසද රංගනයෙන් දායක වූ ඇය . "පොද වැස්ස", "බෝඩිම", "ඉරට හඬන මල්", "කන්දෙ ගෙදර", "කෝපි කඩේ" වැනි ටෙලිනාට්‍ය ගණනාවක ද රංගනය කළ අතර  ගුවනවිදුලි නිවේදිකාවක් සහ නූර්ති ගී ශිල්පිණියක ලෙසින් ද කටයුතු කළාය.

ඇය සිනමාවට පිවිසියේ      "වෙසතුරු සිරිත" චිත්‍රපටයේ ළමා චරිතයකිනි.   "සිකුරු දසාව", "තෙවත" සහ "ගිනි අවි සහ ගිනි කෙළි" වැනි චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායක වූවාය.

මියයනවිට 69 වැනි වියෙහි පසුවූ ඇයගේ අවසන් කටයුතු පිළිඹඳව පසුව දැනුම්දෙනු ලැබේ.



අදහස් (4)

ප්‍රවීණ කලාවේදිනී කුමාරි පෙරේරා සමුගනී

Chinthaka Thursday, 13 February 2025 02:49 PM

ඔබතුමියට නිවන් සුව අත්වේවා..!

:       0       51

m. saman perera Thursday, 13 February 2025 04:24 PM

ඔබට නිවන් සුව ලැබේවා...!

:       0       39

rasika Thursday, 13 February 2025 04:29 PM

නිවන් සැප ලැබේවා..!

:       0       42

RRJS Bandara Thursday, 13 February 2025 11:29 PM

නිවන්සුව ලැබේවා

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site