(සුජිත් හේවාජුලිගේ )
ප්‍රමාදවී හෝ රට වැසීම ගැන සතුටු වෙන බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවැසීය.
රට වසන්නැයි අප ඉල්ලා සිටියේ දේශපාලන වාසි හෝ වෙන කිසියම් හෝ පෞද්ගලික අරමුණකින් නොවන බව පැවසූ මන්ත්‍රීවරයා රට වැසුණු කාලය ජනතාව උපරිම වශයෙන් ප්‍රයෝජන ගත යුතු බවද සඳහන් කළේය.
ආණ්ඩුව කියනකම් නොසිට බොහෝ නගරවල වෙළෙඳ සල් හිමියන් සිය කඩසාප්පු ස්වේච්ඡාවෙන් වසා දැමූ බවත් ඔවුන් එසේ කටයුතු කළේ තමන්ගේ සහ ජනතාවගේ ජීවිත වෙළෙදාමට වඩා වැදගත් යයි සිතූ නිසා බවත් අලවතුවල මහතා පැවසුවේය.
COMMENTS
දැන් අර එළවලු ටික, මාළු ටික විකුණගන්න බැරිවෙලා ඉන්න දුප්පත් මිනිස්සුන්ගේ දුක අල්ලගෙන ඒකටත් ආණ්ඩුවට බනින්න. කාලකණ්ණි දේශපාලුවෝ...
එතකොට උගත් පුතා සහ ජෙප්පන් සමග එකට එකතුවී අහිංසක මිනිසුන්ව එකතු කරගෙන කරපු උද්ගෝෂ නිසා රෝගය බෝවීමක් උනේ නැතිව ඇති. ඒ ගැන මේ අම්බරුවාගේ අදහස් දැන ගැනුමට කැමැත්තෙමු.
හ්ම්..., වැටිලා තියෙන පුද්ගලික ආයතනවල වැඩ කරන පිරිසට පඩි ගෙවන්න සල්ලි මෙයාලා හොයලා දෙනවා. බෙහෙත් ගන්න ආණ්ඩුවට සල්ලි මෙයාලා එකතු කරලා දෙනවා. ණය වෙන්න එපා, බදු වැඩි කරන්න එපා, රටේ දේපල විකුණන්න එපා, රාජ්‍ය සේවයේ පඩි ටික ගෙවන්න, ජනසවිය ගේන්න, පෙන්ෂන් ගෙවන්න, බෙහෙත් ගන්න, PCR කරන්න, හැම දෙයකටම මෙතුමාල පහුගිය කාලේ භාණ්ඩාගාරයේ ඉතිරි කරපු සල්ලි වලින් ගන්න...
රට වැසීමද, නැත්නම් රට වැටීමද මෙයා අර්ථවත් කරන්නේ...
බොරදියේ මාළු බාන්න එපා. බලමුකෝ කොරෝනා ඉවරවෙලා තියෙයිද කියලා.. පිටරටවල්, න්‍යායපත්‍ර ඇරුණාම කිසිම දේශීය වැඩපිළිවෙළක් නෑ.
අපේ රට විනාශ වෙනකම් බලන් ඉන්න අයගෙන් එක්කෙනෙක්
වසා දැමීමේ කාලය තුළ මරණ සංඛ්‍යාව ඉහළ මට්ටමකට ගොස් තිබේ!