ජනපති සහ ක්‍රීඩා ඇමතිවරයා අතර ගැටුමක් ඇති කිරීම සඳහා රජයේ ප්‍රබල ඇමතිවරයෙක් මූලික වී සිටින බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාල ඇමතිවරයා මෙලෙස ක්‍රියා කරන්නේ රට ගැන හෝ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන ආදරයකින් නොව තමාගේ අතිශය පෞද්ගලික අරමුණක් වෙනුවෙන් බවද එම දේශපාලන ආරංචි තහවුරු කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ ප්‍රබලයෙක් පැවසූයේ අදාල ඇමතිවරයා ඉතිහාසයේ සිට ක්‍රියා කළ අයුරින් මෙවර ද බොරදියේ මාළු බෑමේ සම්ප්‍රදාය අනුගමනය කරමින් තම පෞද්ගලික අරමුණක් ඉටුකර ගැනීමට උත්සාහ දරන බවයි.

අදාල ඇමතිවරයාගේ මේ දෙබිඩි ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා ද දැනුම්වත් කිරීමට කටයුතු කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් පැවසෙයි.