
ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘ඩිස්ට්‍රෝයර්’ වර්ගයේ ප්‍රහාරක යුද නෞකාවක් මේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇත.
ඒ, ඉන්දු පැසිෆික් කලාපයේ, ප්‍රංශයේ සියලු මිත්‍ර පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, අන්තර් ක්‍රියාකාරීත්වය ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ‘ක්ලෙමෙන්සා් 25’ මෙහෙයුමට එක් වෙමිනි.
මීටර් 142 ක් දිගින් යුත් මෙම යුද නෞකාව කොළඹ වරායට සේන්දු වූයේ පසුගිය 16 වැනිදාය. එය පසුගිය 2024 නොවැම්බරයේ සිට, සිය නාවික හමුදා මෙහෙයුම්වල නියැලී සිටී.
ඉන්දීය සාගර කලාපයේ, මුහුදු කොල්ලකරුවන්ට එරෙහිව සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි නාවික මෙහෙයුම් සඳහා ද මෙම යුද නෞකාව දායක වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd