IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


ප්‍රංශ තානාපති හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජොංෆ්‍රැන්සුවා පැක්තෙ මහතා පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරත විය. මෙහිදී ප්‍රංශ සමාගම්වලට නිරත විය හැකි ව්‍යාපාරික අවස්ථා පිළිබද ඔහු අවධානය යොමු කළේය.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා තානාපති කාර්යාලයේ නියෝජිතයන් හමුවූ අතර, තානාපතිවරයා සමඟ සාකච්ඡාවක ද නිරත විය. ඔහු වරායේ ප්‍රධාන ව්‍යාපාරික ක්ෂේත්‍ර 5 පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් තනාපතිවරයාට ලබා දුන් අතර RORO, තෙල් සහ ගෑස් අංශයවල වරාය ලබා ඇති විශේෂ වර්ධනය ද ඔවුනට පෙන්වා දුන්නේය. 

HIP විසින් දියත් කර ඇති නවතම බහාලු‍ම් මෙහෙයුම් සේවාව පිළිබඳව කරුණු පැහැදිලි කර, වසර අවසන් වන විට තොග හැසිරවීම් ප්‍රමාණය ද වැඩි කිරීමට අපේක්ෂා කරන බව තිස්ස වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසූවේය. HIPG හි සමාජ සහ පාරිසරික ව්‍යාපෘති සහ අනාගත සැලසුම් ද සාකච්ඡාවට ඇතුළත් විය.

HIPG හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා විසින් තානාපතිවරයාට සමරු තිළිණයක්ද පිරිනමන ලදී.

-595



අදහස් (0)

ප්‍රංශ තානාපති හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

දියත

බන්ධනාගාර වර්ජනය අවසන්
2024 මැයි මස 21 29 0

බන්ධනාගාර නිලධාරීන් වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලමින් දින දෙකක් ක්‍රියාත්මක කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (21) පස්වරුවේ අවසන් කළ බව


මතීෂ පතිරණ ලක්‍ෂ 360කට අළෙවි වෙයි
2024 මැයි මස 21 282 0

කොළඹදී දැන් පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඇම


ඉරානය හඬවා ජනපති ඊබ්‍රාහිම් නික්ම යයි
2024 මැයි මස 21 1266 0

අභාවප්‍රාප්ත වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ තෙදින අවමංගල්‍ය උත්සවය අද (21) ටබ්‍රිස් නගරයේදී එරට වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ වූවේය.අවමංගල්‍ය උත්සවය අ


වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ
2024 මැයි මස 21 311 0

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත්, එම වෙඩි තැබීමට සම්බන


ජනපතිවරණය ගැන රනිල්ගෙන් නිල ප්‍රකාශයක්
2024 මැයි මස 21 2738 3

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරඟ කරන බවට වන නිල ප්‍රකාශය ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැ


ඉරාන ජනපති වියෝව ජාත්‍යන්තර තේ උත්සවය අවලංගු කරයි
2024 මැයි මස 21 901 1

ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ වියෝව නිසා ජාත්‍යන්තර තේ දින උත්සවය අවලංගු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 849 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2394 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2054 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site