
(යොහාන් භාසුර)
කොළඹදී දැන් පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඇමෙරිකානු ඩොලර් 120,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 360 කට ආසන්න මුදලකට අළෙවි විය.
එහිදී කොළඹ කණ්ඩායම මතීෂ පතිරණ මිලදීගත් අතර මේ වන විටත් පැවැත්වෙන වෙන්දේසියේදී මේ දක්වා ඉහළම මිල මතීෂට හිමිවිය.
ක්‍රීඩකයන් අළෙවි වූ අගයන් (ඇමරිකානු ඩොලර්)
● මතීෂ පතිරණ (ශ්‍රී ලංකාව) - 120,000 - කලම්බු
● ඉසුරු උදාන (ශ්‍රී ලංකාව) - 100,000 - ගෝල්
● රිලී රොසෝව් (දකුණු අප්‍රිකාව) - 60,000 - ජැෆ්නා
● චතුරංග ද සිල්වා (ශ්‍රී ලංකාව) - 30,000 - කැන්ඩි
● ධනංජය ලක්‍ෂාන් (ශ්‍රී ලංකාව) - 10,000 - ගෝල්
● ශෂ්රතුල්ලා ශෂායි (ඇෆ්ගනිස්තාන්) - 50,000 - දඹුල්ල
● අහන් වික්‍රමසිංහ (ශ්‍රී ලංකාව) - 5,000 - ජැෆ්නා
● මොහොමඩ් වසීම් (යූ.ඒ.ඊ.) - 20,000 - කලම්බු
● අසිත ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව) - 40,000 - ජැෆ්නා
● නුවන් ප්‍රදීප් (ශ්‍රී ලංකාව) - 36,000 - දඹුල්ල
● බිනුර ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව) - 55,000 - කලම්බු
● ධනුෂ්ක ගුණතිලක (ශ්‍රී ලංකාව) - 22,000 - දඹුල්ල
● අකිල ධනංජය (ශ්‍රී ලංකාව) - 20,000 - දඹුල්ල
● ටස්කින් අහමඩ් (බංග්ලාදේශය) - 50,000 - කලම්බු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd