
(විමුක්ති එස් රුද්‍රිගු)
අභාවප්‍රාප්ත වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ තෙදින අවමංගල්‍ය උත්සවය අද (21) ටබ්‍රිස් නගරයේදී එරට වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ වූවේය. අවමංගල්‍ය උත්සවය අදියර කීපයකින් පැවැත්වීමට නියමිත බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.
අනතුරුව ජනාධිපති රයිසිගේ මෘත දේහය ආගමික නගරයක් වන කොම් වෙත රැගෙන ගිය අතර එරට වේලාවෙන් පස්වරු 4.30ට එම නගරයේදී සිදු කෙරෙන ආගමික චාරිත්‍ර ආරම්භ කෙරිණි.අනතුරුව ජනාධිපති රයිසිගේ මෘත දේහය සහ අනතුරින් මියගිය අනෙක් පුද්ගලයන්ගේ මෘත දේහ ගුවනින් ඉරාන අගනුවර වන ටෙහෙරාන් නගරය වෙත රැගෙන යාමට නියමිතය.
ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි අවමංගල්‍ය උත්සවයේ යාඥා මෙහෙයවනු ලබන්නේය.අනතුරුව එළඹෙන බ්‍රහස්පතින්දා දින උදෑසන රයිසිගේ දේහය දකුණු කොරසාන් පළාතේ අගනගරය වන බ්‍රිජාන්ද් වෙත රැගෙන යාමට නියමිත අතර එදිනම සවස් කාලයේදී දේහයන් පිළිබඳ අවසන් කටයුතු ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී පැවැත්වීමට නියමිතය .
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා ඉරාන වැසියන් විශාල පිරිසක් එකතු වූහ.
COMMENTS
අපේ පින් ජනාධිපති ඉන්දුනීසියාවේ සිට කෙළින්ම ඉරානයට යාවිද? වාසනාවට මෙතුමාගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතයි. නමුත් එකට කලින් මේ ජනාධිපති ගියත් පුදුමයක් නැහැ...
ඔබ ෙහා් ඔබේ පවුලේ කිසිවෙකුත් විශ්වවිද්‍යාලයකට ගිහින් නැති බවයි මේ කමෙන්ට් එකෙන් පෙනෙන්නේ. එහෙම ගිය අය දන්නවා උපාධි ප්‍රදානෝත්සවයක වටිනාකම...
ඉරාන ජනාධිපතිගේ මරණය ගැන අපට නම් කිසිම දුකක් නැහැ. ඊට වඩා හුඟක් දුකයි අර 2022 මහ්සා අමිනීගේ මරණය. මිනීමරුවෝ ඒ කෙල්ලව මැරුවා...