
(ඩී.ජී.සුගතපාල)
සරුංගලයක් සෑදිම සඳහා ලී කපා ගැනිමට කැලයට ගිය පාසල් සිසුවකු අත් බෝම්බයක් අහුලාගෙන නිවසට ගෙනැවිත් තිබියදී සොයාගෙන එය නිශ්ක්‍රිය කිරිමට කටයුතු කළ බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
අම්බලන්ගොඩ දේවගොඩ පදිංචි 08වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි සිසුවකු සරුංගලයක් සෑදිම සඳහා කෝටු කපාගෙන ඒමට නිවස පිටුපස කැලයට ගිය අවස්ථාවේ මෙම බෝම්බය දැක නිවසට ගෙනැවිත් ඇත.
මේ අතර සිසුවාගේ මාමා අද දහවල් එම නිවසට පැමිණි අවස්ථාවේ ළමයා බෝම්බයක් අතේ තබාගෙන සිටිනු දැක බියට පත්ව පොලිසිය සහ විශේෂ කාර්ය බලකායට දැනුම් දි තිබේ. පසුව පොලිසිය පැමිණ පරික්ෂා කර බැලිමේදි අනාවරණයවි ඇත්තේ මෙය යුද හමුදා නිලධාරින් විසින් පාවිච්චි කරනු ලබන බෝම්බයක් බවටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලමයින්ට පාසල් විෂයන්ට අමතරව බාහිර දේවල් සහ සමාජ වටාපිටාවන් ගැනත් දැනුම්වත් කල යුතු බවයි මට හැඟෙන්නේ. හොඳ වෙලාවට දරුවා කුතුහලය හේතුකොට ගෙන එය ගලවන්නට උත්සාහ කලේ නැත්තේ. මාමාගේ පැමිණීමත් ලොකු අනතුරක් වැලක්වීමට හේතු සාදක උනා. පිපිරලා තිබුණා නම්, මහ විනාශයක් එක්ක මොන මොන විදියේ, කොහොම කතා පැතිරිලා ඇතිද?
ළමයයි, මාමයි ඉතා බුද්ධිමත්ව ක්‍රියා කරලා තියෙනවා