
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වෙන්නප්පූව ජාත්‍යන්තර පාසලක සිසුවියන් දෙදෙනකුගේ පානීය ජල බෝතල්වලට කිසියම් පෙති වර්ගයක් එක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන්කරයි
එම ජලය පානය කළ බව කියන 08 වසරේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනකු මාරවිල මූලික රෝහල වෙත ඇතුලත් කර ඇත.
මෙම දැරියන් තිදෙනා පාසලේ උදෑසන රැස්වීමට ගොස් නැවත පන්ති කාමරය වෙත පැමිණ එක් දැරිකගේ පානීය ජල බෝතලය ගත් අවස්ථාවේදී එම බෝතලය තුළ ජලය සමග පෙත්තක් සහ පෙන ඇවිත් තිබෙන බවට දැක එම බෝතලෙන් ජලය පානය නොකර අනෙක් දැරියකගේ ජල බෝතයෙන් දැරියන් තිදෙනාම ජලය පානය කර ඇතැයි පොලිසියේ සිදුකළ විමර්ශනවලදී අනාවරණයය වී ඇත
ජලය පානය කිරීමෙන් අනතුරු ඇතිවූ තිත්ත ගතිය හේතුන් දැරියන් විසින් වතුර බෝතලය පරීක්ෂා කර ඇති අතර එම බෝතලේ ද පෙති තුනක් ඇති බවට දැක දැරියන් විසින් මේ සම්බන්ධව පාසලේ විෂය භාර ගුරුතුමිය දැනුවත් කර ඇතැයි පොලිසිය කියයි
පසුව විදුහල්පති විසින් දැරියන් තිදෙනා වෙන්නප්පුව ප්‍රදේශයේ පුද්ගලික රෝහලකට රැගෙන ගොස් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව වෛද්‍යවරුන්ට දැරියන්ට කිසිදු ගැටළුවක් නොමැති බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නැවත ඔවුන්ව පාසල වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙති දැම්මේ කවුද කියලා හොයන්නෙ නැද්ද? බරපතල කාරණයක්!
මේ රටේ මත් වැරදි වට දඬුවම් නැහැ,අල්ලනවා, ඇප දෙනවා ......... පාතාලේ උන් හිතේ හැටියට මත් කුඩු,පෙති සෙල්ලම කරගෙන යන්නේ ඒකයි පාතාලේ උන් විතරක් නොවෙයි, සමහර ෆාමසි, සමහර clinic වලත් මේ සෙල්ලම වෙන්නේ ඒකයි මේ රටේ දරුවන් හරිම ලොකු කෙදවාචකයක් ඉස්සරහ කසිම රැකවරණයක් නැතිව ඉන්නවා. දෙමාපියනුත් හරි අසරණයි,
පොලිසිය මේ ගැන වහාම සොයා බලන්න ඕනෑ. රස පරීක්ෂක වෙත බෝතල් යවලා මොනවාද දමලා තියෙන්නේ කියලා හොයාගෙන අපරාධකාරයාව අත්අඩංගුවට ගන්න ඕනෑ....
ගම්පහ දිස්ත්‍රික්කයේ බාලිකා පාසලක දැරියන් කිහිපදෙනෙක් එකතුව විවේක කාලයේ කොකාකෝලා බෝතලයක් ගෙන එයට පැනඩෝල් පැකට් එකක පෙති දමා හොදින් කලතා දියකර කට්ටිය එකවර පානය කර බෝතලය නැවත හොදින් සෝදා බෝතලය විසිකර දමා යන බවයි ආරංචිය..
ඇප දෙනවා කියන්නේ ඉතින් ආණ්ඩුවට ආදායම් මාර්ගයක්. මිනිස්සු වැඩි වැඩියෙන් වැරදි කරන තරමට රාජයට හොඳයි. ඉතින් කොයි ආණ්ඩුවක්වත් එක නැති කරගන්න කැමති නැහැ. ලෝයර්ටත් ගානක් ලැබෙනවා. එයත් කොහොම හරි ජීවිතේ ගෙට ගහ ගන්නවා ඔවුන් වෙනුවෙන් පෙනී ඉඳලා. ඔක්කොමලාම ඉතින් ගොඩ.