
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල ආර්යා ළමා රෝහලට ඊයේ (20) දහවල් ඇතුළු වූ පුද්ගලයෙකු සාත්තු සේවිකාවන්ගේ මුදල් සොරාගෙන පලා ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
පලායමින් සිටි එම පුද්ගලයා අල්ලා ගැනීමට ගිය සුළු සේවකයෙකු ද පිහි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා රෝහල් ගත කර ඇත.
වායු සමීකරණ අළුත්වැඩියා කරන මුවාවෙන් ඍජුවේ ආර්යා ළමා රෝහලේ තෙවන මහලේ හත්වෙනි වාට්ටුවට ඇතුළුව තිබූ එම පුද්ගලයා මුදල් පසුම්බි වල තිබූ මුදල් සොරා ගන්නා අයුරු අයුරු එහි සේවිකාවක් දැකීමෙන් අනතුරුව මෙම පුද්ගලයා එම ස්ථානයෙන් පලායාමේදී ඔහු පසුපස හඹා ගිය සුළු සේවකයෙකු ඔහු අල්ලා ගැනීමට තැත් කිරීමේදී සඟවාගෙන සිටි උල් පිහියකින් ඔහුගේ හිස ප්‍රදේශයට පහර කීපයක් එල්ල කර පිටුපස තාප්පයෙන් පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
එම සේවකයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහල් ඇතුලේ ආරක්ෂාව කොහොමද කියල අපි පසුගිය කාලේ දැක්ක, රටේ විශාලතම ළමා රෝහලේ ආරක්ෂාවේ හැටි අද අපි දැක්ක. ඔන්න පුනරුදේ තරම, කලින් අර තරම් නින්දිත දෙයක් වෙලත් මේ ආණ්ඩුවේ උන් වගේ වගක් නැතිව ඉන්නවා, මුන් අවුරුදු 5ම ඔහොම කාලා දාවී.
නඩත්තු අංශයේ ප්‍රධානියෙක් කියලා එකෙක් ඉන්නවානේ. ඉතින් ඒ මනුස්සයා දැන ගන්න එපෑය එහෙම අලුත්වැඩියාව තියෙනවද, පෙමින් සිටින පුද්ගලයා ගිවිසුම්ගත නඩත්තු ආයතනයේ සේවකයෙක්ද කියලා අනන්‍යතාවය තහවුරු කරගන්නේ නැතුව ඇතුලට අරන් තියෙන්නේ. හොරා ඇවිල්ලා සහෝදරයා කියපු ගමන් චූන් වෙන්න හොඳ නැහැ . සමහර හොරු එන්නේ දොස්තර වෙස් අරගෙන.