IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පසුම්බි හොරා අල්ලන්න ගිය රෝහල් සේවකයාට තුවාල

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 
 
බොරැල්ල ආර්යා ළමා රෝහලට ඊයේ (20) දහවල්  ඇතුළු වූ පුද්ගලයෙකු   සාත්තු සේවිකාවන්ගේ මුදල් සොරාගෙන පලා ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
 
පලායමින් සිටි එම පුද්ගලයා අල්ලා ගැනීමට ගිය සුළු සේවකයෙකු ද පිහි ප්‍රහාරයට ලක්ව  තුවාල ලබා රෝහල් ගත කර ඇත.
 
වායු සමීකරණ අළුත්වැඩියා කරන මුවාවෙන් ඍජුවේ  ආර්යා ළමා රෝහලේ තෙවන මහලේ හත්වෙනි වාට්ටුවට ඇතුළුව තිබූ එම පුද්ගලයා  මුදල් පසුම්බි වල තිබූ මුදල් සොරා ගන්නා අයුරු අයුරු එහි සේවිකාවක් දැකීමෙන් අනතුරුව මෙම පුද්ගලයා එම ස්ථානයෙන්  පලායාමේදී ඔහු පසුපස හඹා ගිය සුළු සේවකයෙකු ඔහු අල්ලා ගැනීමට තැත් කිරීමේදී සඟවාගෙන  සිටි උල් පිහියකින් ඔහුගේ හිස ප්‍රදේශයට පහර කීපයක් එල්ල කර පිටුපස තාප්පයෙන් පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
 
එම සේවකයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත්  කර ඇත.



අදහස් (3)

පසුම්බි හොරා අල්ලන්න ගිය රෝහල් සේවකයාට තුවාල

ගුණරත්න Tuesday, 20 May 2025 10:36 PM

රෝහල් ඇතුලේ ආරක්ෂාව කොහොමද කියල අපි පසුගිය කාලේ දැක්ක, රටේ විශාලතම ළමා රෝහලේ ආරක්ෂාවේ හැටි අද අපි දැක්ක. ඔන්න පුනරුදේ තරම, කලින් අර තරම් නින්දිත දෙයක් වෙලත් මේ ආණ්ඩුවේ උන් වගේ වගක් නැතිව ඉන්නවා, මුන් අවුරුදු 5ම ඔහොම කාලා දාවී.

:       6       15

fairoosWednesday, 21 May 2025 11:19 AM

මෙතුමාට අමු කැවිලාද? හැම එකට ආණ්ඩුව සහ ජාතික ආරක්ෂාව අනතුරේ... දැන්වත් ඔය වහල්කමින් මිදෙන්න.

:       1       1

Bunny Preena Wednesday, 21 May 2025 09:04 AM

නඩත්තු අංශයේ ප්‍රධානියෙක් කියලා එකෙක් ඉන්නවානේ. ඉතින් ඒ මනුස්සයා දැන ගන්න එපෑය එහෙම අලුත්වැඩියාව තියෙනවද, පෙමින් සිටින පුද්ගලයා ගිවිසුම්ගත නඩත්තු ආයතනයේ සේවකයෙක්ද කියලා අනන්‍යතාවය තහවුරු කරගන්නේ නැතුව ඇතුලට අරන් තියෙන්නේ. හොරා ඇවිල්ලා සහෝදරයා කියපු ගමන් චූන් වෙන්න හොඳ නැහැ . සමහර හොරු එන්නේ දොස්තර වෙස් අරගෙන.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site