
(මනෝප්‍රිය ගුණසේකර)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් වින්දිතයින් වූ පුද්ගලයින්ට රුපියල් කෝටි 24 1/2ක වන්දි ගෙවා ඇති බව නීතීපතිවරයා කළ දැනුම් දීමක් සැළකිල්ට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය වින්දිතයන්ට වන්දි ගෙවීම පිළිබඳ සවිස්තර වාර්තාවක් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අද නියෝග කළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ වන්දි ගෙවා ඇති ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා පෙත්සම් කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
පෙත්සම් කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ විවේකා සිරිවර්ධන මහත්මිය දැනුම් දුන්නේ එම වන්දි ගෙවා තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ පෙත්සම් 12 ක් පෙත්සම් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, එස්. තුරේරාජා සහ දිලිප් නවාස් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබීය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය අමතමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලට අනුව රුපියල් මිලියන 311 ක මුදලක් වන්දි වශයෙන් හානි පූර්ණ කාර්යාලයට ලැබී ඇතැයි කීවාය.
2025 නොවැම්බර් මස 04
815
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2461
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1771
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාස්කු ගෙවූ ඇති අයුරු කාදිනල් තුමන්ට පෙන්වන්න
පිටරටවැසියා Thursday, 27 February 2025 07:10 PM
හිටපු මැති ඇමතිවරුන් 43 දෙනකු ව්‍යාජ තක්සේරු වාර්තා ඉදිරිපත් කර රුපියල් බිලියන 1.2 ක මුදලක් වන්දි ලෙස මහ භාණ්ඩාගාරයෙන් ලබා ගෙන. හැබැයි පාස්කු ප්‍රහාරයෙන් 300 කට ආසන්න ගණනක් මියගිහින්, තවත් සිය ගණනක් තුවාල වෙලා, අදටත් ඒ සමහරු ඇඳන් උඩ පණ අදිනවා, මේ ඔක්කොටම කෝටි 24.5 යි (මිලියන 245 යි). කොහොමට බෙදිල්ලේ රඟේ? රටේ අතලොස්සක් මෙතන වැළලෙන ගමන්, රට කාපු හැත්තට තාමත් රෙදි නැතිව කඩේ යනවා.
ජගත් Thursday, 27 February 2025 09:27 PM
ශ්‍රී මහා බෝධිය මළුවේ මරාදාපු අහිංසක බෞද්ධ ජනතාවට කෝටි කීයක් වන්දි දුන්නාද?