IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පෝෂණ සැසිය රැස් වෙයි

(අංජුල මහික වීරරත්න)

මෙරට බෝවන මෙන්ම බෝනොවන රෝග හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට දැවැන්ත බරක් පැටවෙන බැවින් ඉහත රෝගවලට ප්‍රතිකාර සේවා සිදු කරනවා සේම රෝග වළක්වා ගැනීම හා පාලනය සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී කටයුතු කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා මේ බව කීවේ ශ්‍රී ලංකා පෝෂණ සංගමයේ 2025 වර්ෂයට අදාල වාර්ෂික විද්‍යාත්මක අධ්‍යයන සැසිවාරයට එක් වෙමිනි.

ශ්‍රී ලංකා පෝෂණ සංගමයේ (The Nutrition Society of Sri Lanka) 2025 වර්ෂයට අදාළ වාර්ෂික විද්‍යාත්මක අධ්‍යයන සැසිවාරය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.

“උසස් පෝෂණය සහ සෞඛ්‍ය සාක්ෂරතාව තුළින් ප්‍රජාවන් සවිබල ගැන්වීම” යන්න තේමාව කර ගනිමින් මෙවර 2025 වර්ෂයට අදාළ වාර්ෂික විද්‍යාත්මක අධ්‍යයන සැසිවාරය පැවැත්වුණි.

සැසිවාරය අමතමින් වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා පෝෂණ තත්ත්වයන් ඉහළ නංවමින් සෞඛ්‍ය සුරක්ෂිතතාව නඟා සිටුවීම මෙන් ම වැඩි ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමට අවස්ථාව සලසා දෙමින් රෝගවලින් ආරක්ෂාවීමට අවශ්‍ය මුලික දැනුවත්භාවය ජනතාවට ලබාදීම රෝග ව්‍යාප්තිය පාලනයට අතිශය වැදගත් බව පැවසීය.



අදහස් (0)

පෝෂණ සැසිය රැස් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 265 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site