
(අංජුල මහික වීරරත්න)
පවතින රාජ්‍ය සේවය පිළිබඳ පුරවැසියාගේ තෘප්තිමත්භාවයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුරයේදී අද (26) පැවසීය.
රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීම තුළින් පුරවැසියන්ට කාර්යයක්ෂම සේවයක් ලබාදීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළකළේ, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවේදීය.
රාජ්‍ය සේවය පුරවැසියාට අයිතියක් සහ රාජ්‍ය නිලධාරියාට වගකීමක් වන ලෙස ශක්තිමත් කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ලබන ජූනි මාසය වන විට රාජ්‍ය සේවයේ නිවැරදි දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව කී ජනාධිපතිවරයා රාජ්‍ය සේවය සතු දැනට තිබෙන දත්ත ප්‍රමාණයේ විශාල වියවුලක් පවතින බැවින් ඒවා මත පදනම්ව නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය.
රාජ්‍ය සේවකයින් සඳහා සාධාරණ මූලික වැටුප් වැඩිවීමක් මෙන්ම විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා වසර තුනක් ඇතුළත අවසන් කිරීමට අදාළ යෝජනා මෙවර අයවැයට ඉදිරිපත් කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා මෙහිදී අනාවරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව තව මාස 6 මේ විදිහට රජයේ නිලධාරීන් හුරතල් කලොත් ජනතා අප්‍රසාදය ඊළඟට එල්ල වෙන්නේ ආණ්ඩුවට , අද පාස්පෝර්ට් එකක් සාමාන්‍ය ක්‍රමයට ගන්න ඉල්ලුම් පත්‍ර භාරගන්න දිනයක් ලබාදෙන්නේ මාස 5-6 පස්සේ , රියදුරු බලපත්‍ර වෙනුවට කොළ කැබලි සාක්කුවල දමාගෙන අවරුදු ගණන් ඉන්නවා , මේ ඔක්කොම ප්‍රශ්න අල්ලස් ගන්න අකාර්යක්ෂම නිලධාරීන් නිර්මාණය කරපුව මේවා උපරිම තව මාස 3 ජනතාව ඉවසලා ඉදිවී .
ඔබතුමා මේක දන්නේ අදද? නිලධාරීන්ගේ වැටුප තව ටිකක් වැඩි කරන්න. එතකොට ප්‍රශ්න ඔක්කෝම විසඳේවි.
ඔය නිලධාරීන් හුරතල් කරමින් සකච්ඡා පවත්වමින් හිටියොත් ඔබට වෙන්නේ ගෝඨට වුන දෙය , ඔය ඉන්න නිලධාරීන්ගෙන් භාගයක් ගෙදර යවලා , ඉතුරු නිලධාරීන්ට ටර්ගට් දෙන්න .රජයේ දිනක වියදම රුපියල් බිලියන 6 කි. ආධායම රුපියල් බිලියන 5 කි. රජයේ වියදම් වලින් වැඩි ප්‍රමාණය වියදම් වෙන්නේ ඔය නිලධාරීන්ට වැටුප් සහ වෙනත් දීමන ගෙවන්න , ඔය නිලධාරීන් ඉදිරි මාස 6 තුල නිසි ලෙස කළමනාකරණය කරගත්තේ නැති නම් ඔබ අමාරුවේ ,
ආණ්ඩුව පැරදුනොත් පරදින්නේ පරිපාලන සේවයේ කම්බ හොරු නිසා.ඕං කිව්ව මතක තියාගන්න.
මහජනතාවට ඉතා සමීප ග්‍රාම නිලධාරි, ගොවිජන සේවා, පොලිස්, පාසල් වැනි සේවා සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුයි. දැනටමත් මේවා සාමාන්‍ය ජනතාවගේ අප්‍රසාදයට ලක්වෙලා.
රාජ්‍ය සේවය ඒකාබද්ධ කිරීමක් ගැන සඳහන් වෙනවා. අමාත්‍යාංශ ගණන අඩු කළා වගේ රාජ්‍ය ආයතන ගණනත් අඩුකළ යුතුයි. එක හා සේවාවන් සපයන රාජ්‍ය ආයතන එකතු කළ යුතුයි...
පවතින රජය සහ සේවකයන් අදහාගත නොහැකි පච කියන්නවත් මිනිස්සු කැමැති නෑ...
69 ලක්ෂය ඇතුළේම තමයි රාජ්‍ය සේවයේ වැඩි දෙනෙක් හිටියෙ....මිනිස්සු කියල වෙනම කොටසක් නැහැ...ජවිපය ම තමයි නිකං පඩි ගන්න නඩය බිහි කළේ... දැන් අනාපු කාලෙ අවසන්... අනාපුව කන්න වෙන කාලෙ ඇවිදින්.....
ප්‍රේමදාස ජනාධිපතිතුමා රජයේ සේවයට බදවාගැනීම් සියල්ලම තරග විභාග වලින්ම කරන්න නියමකලා. ඒත් කණිෂ්ඨ සේවක තනතුරුවලට එසේ කරන්න කිව්වෙ නැහැ. සම්මුඛ පරීක්ෂණ සදහා ලකුණුදීමත් අහෝසි කිරීමට කටයුතු කලා .ඒත් 1994 චන්ද්‍රිකාගෙ ආණ්ඩුව විභාග නැතිකලා. සම්මුඛ පරීක්ෂණ සදහා හිතවතුන් ගැනීම සදහා ලකුණු දෙන්න ගත්තා. 1999 උපාධිධාරීන් ගැනීමේදී ආසන සංවිධායකලා එවූ ලැයිස්තුවෙන්ම පත්වීම් දුන්නා.(1970-77 කාලයේ සිරිමාවෝ මැතිණියගේ කාලයේ කලෙත් ඒකම බව එම කාලයේ රැකියා අපේක්ෂා කල අපි හොදින්ම දන්නවා ) මෙහෙම තියෙද්දී අත්‍යාවශ්‍යම සේවාවන් බදවාගැනීම් කලේ නැහැ.විභාග නොතියා කණිෂ්ඨ සේවකයින් හැටියට උසස් පෙළ සමතුන් විශාල වශයෙන් ගැනීමට ජෝන් මාමා පරිපාලන ඇමති හැටියට කටයුතු කරන අතරේම උසස් අධ්‍යාපන සුදුසුකම් ඇති ගමේ පක්ෂ සංවිධානයේ සිටි අයව ...........සේවයට යැවීමත් කලා.එහෙම තියෙද්දී නන්දෙ අයියා හරියාකාරව අධ්‍යාපනයක් හෝ පුහුණුවක් නැති එවුන් ලක්ෂෙකට රැකියා දීමට කටයුතු කලා එමගින් රාජ්‍ය සේවයේ අතිරික්තයක් ඇතිවුනාම අත්‍යාවශ්‍යම සේවවන්ට බදවාගැනීම් කිරීමට නොහැකිවුනා. දේශපාලුවො ගත් එවුන් දේශපාලුවන්ගේ ශක්තිය නිසා රාජකාරි මගහැරීම කලා.
සියල්ලටම ප්‍රථම රජයේ සමහර නිලධාරීන්ගේ විනය හැදිය යුතුයි. වේලාවට වැඩට එන්නත්, රාජකාරිය හරි වේලාවට ඉවරකරලා ගෙදර යන්නත්. කොටුව හෝ මරදාන වැනි ප්‍රධාන දුම්රිය පොළවල සවස 3.30 වෙද්දී රජයේ සේවකයන් රංචු ගැහිලා එක කාලෙක හිටියා . දැන් කොහොමද දන්නේ නැහැ. ඒ පැත්තට මට හුඟ කාලෙකින් යන්න බැරි උනා.
මිනිස්සු සතුටු නැත්තේ මේ ආන්ඩුව පච කෙලින නිසා. මොනවා අරි කීවොත් පචයක් තමා