
( වසන්ත චන්ද්‍රපාල)
අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු අද(06) අලුයම වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ඔහු රාජකාරි අවස්ථාවේදි මෙලෙස වෙඩි වැදී ඇති බව උසස් පොලිස් නිළධාරියෙක් පැවසිය. පසුගිය වසරේ මෙම සැරයන්වරයාගේ බිරිඳ පිලිකාවෙන් මියගොස් ඇති බවද වාර්තාවේ.
ඊයේ(05 ) රාත්‍රි පදියතලාව පොලිස් ස්ථානයේ රාජාකාරි යොදවා ඇති අතර තමන්ගේ ඇස් දෙක පෙනිමේ අඩු බව පවසා පදියතලාව පොලිසියේ ඉදිරියේ මුරකුටියේ රාජකාරිය ඉල්ලා ගෙන එම මුරකුටියේ සේවය කර ඇති අතර අද අලුයම මුරකුටිය තුලදිම මෙම මරණය සිදුව ඇතැයි කියයි.
මෙම සැරයන්වරයා බිබිල දිය කොබල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තිදරු පියෙකි. ඔහු වෙඩි තබාගත්තාද යන්න පිළිබඳ පරීක්ෂණ සිදු කෙරෙන බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිරින්දගේ වියෝවත් ඔහුට සෑහෙන්න මානසික පීඩනයක් ලෙස දැනෙන්නට ඇති. අනික, පොලිස් රස්සාවත් බොහොම පීඩාකාරී රස්සාවක් නේ. ඔහුට නිවන් සුව පතමි