
( වසන්ත චන්ද්‍රපාල)
අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු අද(06) අලුයම වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ඔහු රාජකාරි අවස්ථාවේදි මෙලෙස වෙඩි වැදී ඇති බව උසස් පොලිස් නිළධාරියෙක් පැවසිය. පසුගිය වසරේ මෙම සැරයන්වරයාගේ බිරිඳ පිලිකාවෙන් මියගොස් ඇති බවද වාර්තාවේ.
ඊයේ(05 ) රාත්‍රි පදියතලාව පොලිස් ස්ථානයේ රාජාකාරි යොදවා ඇති අතර තමන්ගේ ඇස් දෙක පෙනිමේ අඩු බව පවසා පදියතලාව පොලිසියේ ඉදිරියේ මුරකුටියේ රාජකාරිය ඉල්ලා ගෙන එම මුරකුටියේ සේවය කර ඇති අතර අද අලුයම මුරකුටිය තුලදිම මෙම මරණය සිදුව ඇතැයි කියයි.
මෙම සැරයන්වරයා බිබිල දිය කොබල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තිදරු පියෙකි. ඔහු වෙඩි තබාගත්තාද යන්න පිළිබඳ පරීක්ෂණ සිදු කෙරෙන බව පොලීසිය කියයි.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලිස් සැරයන් වෙඩි වැදී මරුට
Bunny Preena Tuesday, 06 May 2025 10:54 AM
බිරින්දගේ වියෝවත් ඔහුට සෑහෙන්න මානසික පීඩනයක් ලෙස දැනෙන්නට ඇති. අනික, පොලිස් රස්සාවත් බොහොම පීඩාකාරී රස්සාවක් නේ. ඔහුට නිවන් සුව පතමි