
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ජාතික පොලිස් කොමිෂන් සභා ලේකම්ගේ අනුමැතිය මත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හා පොලිස් පරීක්ෂකවරුන් 33 කු උදෙසා ස්ථාන මාරු කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි’
එම පොලිස් නිලධාරීන්ගෙන් කොස්ලන්ද , මතුරට, හික්කඩුව ,කැප්පෙටිපොළ, ත්‍රිකුණාමලය , පිළියන්දල, පොළොන්නරුව, වංකාලෙයි හා වවුනියාව පොලිස් ස්ථානාධිපති තනතුර දැරූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 9 දෙනකුට සහ කඩුවෙල පොලිස් ස්ථානාධිපති තනතුර දැරූ පොලිස් පරීක්ෂකවරයෙකු සාමාන්‍ය රාජකාරී සඳහා යොදවා ඇත
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අත්සනින් යුතුව එම ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක වී ඇත.
2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොලිස් ස්ථානාධිපතිවරුන් 33 කට ස්ථාන මාරු
Nishan Friday, 12 September 2025 03:47 PM
ඔව් ඉතින් මාරු කිරීමේ බලය පොලිස් කොමිසමෙන් ගලවලා පොලිස්පතිගේ අතට දුන්නා නේ. දැන් ඉතින් හිටි කියලා මාරු කරයි තමුන්ගේ සියළුම ආකාරයේ විරුද්දවාදීන්ව.
එඩ්වඩ් Friday, 12 September 2025 03:54 PM
පොලිසිය දේශපාලනීකරණය වීම යස අගේට වෙනදාටත් වඩා සිදුවෙයි. තමන්ට කන්ට්‍රෝල් නැති ස්ථානාධිපතිවරුන් වෙනුවට හෙංචයියන් දමා ගැනීම ජවිපෙට නුහුරු වෙන්නට බැරිය...
Asanga Saturday, 13 September 2025 10:12 AM
මේ කයිතන් ත්‍රස්තවාදී ආන්ඩුවෙන් පුදුම විදියට පලිගන්නේ...
Krishan Saturday, 13 September 2025 09:23 PM
පුළුවන් නම් පොලිස්පතිතුමනි, ගනේමුල්ලේ පොලිසියේ CI කුමාරසිරි පගා මරුවෙක් සල්ලි දුන් ගමන් සාධරණත්වයක් නැහැ බලන්නේ දුන් එකා දිහා විතරයි. සාධාරණව බලන්නේ අනිත් පැත්තට නෙලනවා නෙලිල්ලක් කුඩු දාලා බෝම්බ දාලා ඇතුලට දානවා කියලා තර්ජනය කරන්නේ මිනිහට ආවවාද දෙන්න නැත්නම් මාරුවිමක් දෙන්න...