
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය වෙනස් කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලය හොබවන අඹු සැමි දෙපොළක පොලිස් ස්ථානාධිපති තනතුරු සඳහා පත් කරනු ලැබ ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ ස්ථානාධිපති එල්මෝ මයිකල් ප්ලේට් සහ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර මහත්මියයි.
අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර මහත්මිය කෑගල්ල, පින්දෙණිය පොලිස් ස්ථානාධිපතිනිය ලෙස වැඩ බලන පොලිස්පති නීතිඥ ,ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පත් කරනු ලැබ ඇති අතර ඇය අද (11) එම නව තනතුරේ වැඩ භාර ගැනීමටට නියමිතය.
අප්සරා මහත්මිය කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කරමින් සිටියදී පින්දෙණිය පොලිස් ස්ථානාධිපතිනිය ලෙස පත් කරනු ලැබුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්! අපේ ගෙවල් ළඟ හිටියා නම් එහෙම මම හොරකම් පෙන්නන ෆිල්ම් එකක්වත් බලන්නෑ.
දරුවෝ පව් නේද?
හොඳයි .. දෙන්නට දෙන්න කතා කරගෙන රාජකාරි කරන්න පුළුවන් . දෙදෙනාටම සුබ පැතුම් !
මොකක්ද අනේ ඔය ජීවිතේ...? ඔයාලාගේ දරුවන්ට යන කලදසාව ගැන ටිකක් හිතන්න. ඔය දෙන්නා අතරවත් ආදරයක් ප්‍රේමයක් හටගෙන නැතිව ඇති. තනතුරු කියන්නේ අනතුරුවලට මුල. දන්නේ නැද්ද ගනේන්ද වාස්ට වෙච්චි දේ. දෑවැද්දට අලි ඇත්තුත් හම්බ වුණා. අද අලි බේට්ටක් වත් නැහැ. අඹු සැමි දෙදෙනාගෙන් එක් අයෙක් විශේෂයෙන්ම සැමියා හොද තැනක සිටියාම ඇති. නෝරා ගුරුවරියක් වගේ කෙනෙක් වුණා නම් හොඳයි. ඔහොම ඉන්න කොට බිරිඳ සැමියාට තේකක් වත් දෙන්නේ නැතිව ඇති. මගේ නෑයෙක් ඉන්නවා දරුවෝ හය දෙනයි. ඕක්කෝම කොල්ලෝ. තාත්තා මේ ළඟදී මැරුණා. දරුවෝ ඔක්කොම රට රටවල් වල නිසා තාත්තගේ මරණයට වත් එකෙක් ආවේ නැහැ. දැන් අම්ම අසනීපයෙන් ඉන්නේ. මෙහෙකාරියක් ළඟ ඉන්නවා. අනේ මොන පවක්ද පෙර කරපු පව් නොවේද මේවා? හැර දේම තරමකට තිබුණාම ඇති. සල්ලි වුණත්, නිලය බලය වුණත් තරමකට තිබුණහම ඇති. ඔක්කෝටම වඩා වැදගත් සතුට. දැන් ඉතිං කමක් නැහැ. ඔය පෙර සංසාරෙ කරපු පවකට හම්බ වෙච්චි තනතුරැ. සරලව ජීවත් වෙන්න. ඒක තමයි නියම සතුට...