
(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොම්පඤ්ඤවීදිය පොලිසියේ අවි ගබඩාව තුළ තිබූ ගිනි අවියක් සහ උණ්ඩ විස්සක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිසියේ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤ වීදිය පොලිසිය පවසයි.
සීසී ටීවී දර්ශන ඔස්සේ කළ විමර්ශනවලින් අනතුරුව සැකකාර පොලිස් සැරයන්වරයා අවි ගබඩාව තුළට ගොස් පොලිස් හිස් වැසුමෙහි යමක් සඟවාගෙන එන අයුරු අනාවරණය වීමෙන් පසු පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
එම පොලිස් සැරයන්වරයාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී එම ගිනි අවිය සහ උණ්ඩ මාවතකම ප්‍රදේශයේ පුද්ගලයකුට ලබා දී ඇතිි බවට තොරතුරු අනාවරණය වී ඇත.
අනතුරුව භට නිවාසයේ එම සැරයන්වරයාගේ කාමරයේ යකඩ කබඩ් එකක් තුළ සඟවා තිබූ ජීව අත් බෝම්බයක් සහ අත් විලංගු යුවළක්ද පොලිසිය සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හැම පොලිස් හමුදා. ආයූධ ගබඩාවකින්ම ඕවා හොරකම් කරලා විකුණලා නිසයි රටේ හැම තැනම වෙඩි තැබීම්! ඔය ආයුධ ගබඩාවල නිසි පාලනයක් වත් විගණනයක් වත් නෑනේ