
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මීගමුව දුංගල්පිටිය ලෙල්ලම පොලිස් මාර්ග බාධකය හරහා පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරුපැදියක ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකුට පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් අයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
තුවාල ලද පුද්ගලයා කටාන අක්කර පනහ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිහක පුද්ගලයෙකි.
යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට දුංගල්පිටිය පොලිසියට ලද තොරතුරකට අනුව මාර්ග බාධකයකදී යතුරුපැදිය නැවතීමට අණ කිරීමත් සමගම එය නොනවත්වා ධාවනය කිරීමේදී එය ලොරියක ගැටී අනතුරට ලක් වී ඇති අතර එහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා පලායමින් සිටියදී පොලිසිය සිදු කළ වෙඩි තැබීමකදී එලෙස තුවාල ලබා ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd