IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


පොලිස් අණ නොතැකූ යතුරු පැදියට පොලිසියෙන් වෙඩි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මීගමුව දුංගල්පිටිය ලෙල්ලම පොලිස් මාර්ග බාධකය හරහා පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරුපැදියක ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකුට පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් අයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

තුවාල ලද පුද්ගලයා කටාන අක්කර පනහ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිහක පුද්ගලයෙකි.

යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට දුංගල්පිටිය පොලිසියට ලද තොරතුරකට අනුව මාර්ග බාධකයකදී යතුරුපැදිය නැවතීමට අණ කිරීමත් සමගම එය නොනවත්වා ධාවනය කිරීමේදී එය ලොරියක ගැටී අනතුරට ලක් වී ඇති අතර එහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා පලායමින් සිටියදී පොලිසිය සිදු කළ වෙඩි තැබීමකදී එලෙස තුවාල ලබා ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

 



අදහස් (0)

පොලිස් අණ නොතැකූ යතුරු පැදියට පොලිසියෙන් වෙඩි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 499 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2240 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site