IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පොලිසිය - හමුදාව දුම්රියටත් පනිති

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු 15 කු අත්අඩංගුවට ගත් බව ගනේමුල්ල පොලිසිය කියයි.

එම සැකකරුවන් අතර අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු සිටින බව පොලිසිය සඳහන් කරයි.

කිසිදු සැකයක් ඇති නොවන පරිදි දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවත් ඊට අමතරව රාත්‍රී කාලයේදී විවිධ ප්‍රදේශවල අපරාධ සිදුකර  දුම්රියෙන් ගමන් ගන්නා බවට ගනේමුල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යු .පි. එස්. ප්‍රියන්ත මහතා ට ලද තොරතුරකට අනුව ඒ මහතාගේ මඟ පෙන්වීම මත දුම්රියෙන් පැමිණ ගනේ මුල්ලේ ,යාගොඩ හා මුළුගහගොඩ දුම්රිය ස්ථානවලින් බැස යන පුද්ගලයන් ඉලක්ක කර ගෙන මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව ඊයේ අලුයම් කාලයේ සහ සවස් කාලයේ එම දුම්රිය ස්ථානයන් ඉලක්ක කරගෙන වේයන්ගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන් 15 කු ගෙන් පිරිසක් හා ගනේමුල්ල පොලිසියේ නිලධාරීන් 20 සමන්විත පිරිසකගෙන් සමන්විතව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

ගනේමුල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යු .පි. එස්. ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.

 



අදහස් (0)

පොලිසිය - හමුදාව දුම්රියටත් පනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site