(මනෝප්‍රිය ගුණසේකර සහ රංජන් කටුගම්පොළ)
අමාත්‍යවරයකුව සිටි ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය කිරීම ඇතුළු සිද්ධීන් කිහිපයකට සම්බන්ධ බව කියමින් ගම්පහ පොලිස් අධිකාරීවරයා වශයෙන් සිටි ලක්ෂ්මන් කුරේ මහතා අත්අඩංගුවට ගෙන වසර 14 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටීමෙන් හා ඔහු වධ හිංසනයට භාජනය කිරීමෙන් ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් 30000/-ක වන්දියක් ගෙවීමට රජයට නියෝග කළේය.
ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේදී පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ මහතා වධ හිංසනයට භාජනය කළැයි කියන ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් දෙදෙනෙකුට ඔවුන්ගේ පෞද්ගලික මුදල්න් රුපියල් ලක්ෂ තුන බැගින්ද තවත් නිලධාරීන් දෙදෙනෙකුට ඔවුන්ගේ පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ දෙක බැගින්ද ගෙවීමටද නියෝග කළේය.
බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී මීට වසර 15කට පෙර පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ මහතා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියෝග කළේය.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ඒ. එච්. එම්.ඩී. නවාස් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල විසින් එලෙස නියම කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පොලිසිය පොලිස්නිලධාරියකුට වන්දි ගෙවන්න වෙයි