(මනෝප්‍රිය ගුණසේකර)
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
පෙරදාතමින් යුතුව තම උසස් වීම් ක්‍රියාත්මක කිරීමට නියම කරන්නැයි ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියෝග කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු ප්‍රනාන්දු සහ දිලීප් නවාස් යන මහත්ම මහත්මීන්ගේ සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාගයට ගැනීණ.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, නීතිපතිවරයා සහ ජාතික පොලිස් කොමිසම ඇතුළු 30 දෙනෙකු නම් කර ඇත.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්වීන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දිලිප් නවාස් මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද අතර පෙත්සම්කරුවෝ 1990 සහ 1992 කාලයේදී පොලිස් සේවයට එක් වූ නිලධාරීන් බවත් ඔවුන් සිය සේවා කාලය තුලදී ම ලබාගෙන ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ පොලිස් පරීක්ෂක තනතුරු සඳහා උසස්වීම් පමණක් බවත් ස`ඳහන් කර ඇත.
මහජන සේවාව සපයන පිරිසක් ලෙස නිලධාරීන් මහජනතාව සමග මානුෂීයව ගනුදෙනු කළ යුතු බවත් පාසල් දරුවන්ගේ යහපත මූලික කරගත් දත්ත මත පදනම්ව ප්‍රතිපත්ති සැකසීම සහ
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා නම් කෙරුණු හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පත් කරමින් මැතිවරණ කොම
චීනයේ සත්ව උද්‍යාන වලට රිලවුන් යැවීමට තවමත් අවස්ථාව ඇති බැවින් ඒ ව්‍යාපාතිය ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු කෘෂිකර්ම ඇමති මහින්
ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන ‘කාංචනා‘ නැමැත්තියගේ ප්‍රධාන ගෝලයෙක් රුපියල් කෝටි 13 කට ආසන්න හෙරොයින්, අයිස් හා ම
හාල් සහ පොල් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවට ජනකාන්තවාදී බොරු ප්‍රකාශ කරන බවත් ජනාධිපතිතුමා මේසෙට තට්ටු කර වී මෝල්හිමියන්ට එකඟ වියහැකි ගණනකින්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබද සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධා
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම
පොලිසියේ උසස් වීම් ජනවාරි සිට ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක්
K.W.R.C. Wickramarachchi Saturday, 30 November 2024 11:18 AM
වසර 8 ඉක්මවා සිටින උ.පො.ප. තනතුරු නිලධාරීන් සඳහා පො.ප. තනතුරට උසස්වීම් ලබාදීමට කාරුණික වන්න.