
(රංජිත් පද්මසිරි)
පොලිසිය අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සම්පූර්ණයෙන් අවසන් නොකර උද්ධෘත හා විශේෂ වාර්තා එවා ඇති අවස්ථාවල ඒ පිළිබඳ ලිපි ගොනුවක් විවෘත නොකර සිටීමටත් එම චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ චෝදනා ගොනු නොකරීමටත් නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
අපරාධ පැමිණිලි සම්බන්ධයෙන් විශේෂයෙන් සමාජය තුළ කතාබහට ලක්වෙන දැඩි අපරාධ පැමිණිලි සම්බන්ධයෙන් චෝදනා ගොනු කරනු ලබන අවස්ථා අවම බවට එල්ල වන චෝදනා මධ්‍යයේ මතුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් නීතිපති දෙපාර්තමේන්තුව මෙම තීරණයට එළැඹ තිබේ.
දැඩි අපරාධ චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ප්‍රමාදවීමට ප්‍රධාන හේතුව පොලිසිය විමර්ශන කටයුතු සම්පූර්ණයෙන් අවසන් නොකිරීම බව පෙන්වාදෙමින් නීතිපති දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත.
නීතිපති දෙපාර්තමේන්තුවේ නව තීරණයට අනුව අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් පොලිසිය උද්ධෘත හා විශේෂ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුව හමුවේ ගොනු කරන අවස්ථාවල විමර්ශන අවසන් බවට සහතික කරමින් ලිපි ගොනුවක් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමට පොලිසියට සිදුවේ.
එලෙස ඉදිරිපත් නොකරන අසම්පූර්ණ වාර්තා නැවත පොලිස් මූලස්ථානයට එවනු ලැබේ. අපරාධ චෝදනා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන මන්දගාමී බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් බේරීමට එම චෝදනාවලට අදාළ අධිකරණයේ නඩු පවරා අසම්පූර්ණ වාර්තා සහ උද්ධෘත නීතිපති දෙපාර්තමේන්තුව යොමුකරන බව බොහෝ නඩුකරවල දී හෙළිවී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
මේ නිසා විමර්ශකයන්ට ඔවුන්ගේ වැරැදි නිවැරැදි කරගන්නා ආකාරය පිළිබඳව උපදෙස් ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුවට සිදුව ඇතැයි ආරංචි මාර්ග පැවැසුවේය.
එලෙස උපදෙස් ලබා දුන්න ද එම උපදෙස් පවා විමර්ශකයන් නිසියාකාරව ක්‍රියාත්මක නොකරන බව නිරීක්ෂණය වී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමික ස්ථානවල ලවුඩ්ස්පීකර් - බෆල් ශබ්දය නිසා අවට ගෙවල්වල මිනිස්සු බොහෝ පීඩා විඳිනවා. පොලීසියට පැමිණිලි කරාට නීතිය ක්‍රියාත්මක කරන්නේ නෑ. ඉගෙනගන්න දරුවන්ට, රෝගීන්ට, පොතක්, පත්තරයක් කියවන අයට, මහන්සි වෙලා වැඩකරලා ගෙදර එන අයට, නිදහසේ තමන්ගේ ගෙදර ඉන්න කැමැති අයට, විභාගවලට සූදානම් වෙන අයට හරිම කරදරයි... ඒ අධික ශබ්දය. නීතිමය ප්‍රතිපාදන තිබ්බත් ක්‍රියාත්මක නොකරන්නේ පොලිසියේ අය අපායේ යන්න බය නිසාද?
ඔබ හරි. ආගමික ස්ථානයක් වූ පමණින් කන් අඩි පැලෙන්න ශබ්ද දමන්න අවශ්‍ය නැහැ.