
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැලිකඩ , නිවෙසට ඇතුළුවී සිටියදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට බාරදුන් බව කියන පුද්ගලයකු වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී අසාධ්‍යව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ නිලධාරීන් ඇතුළු 20 කගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පෞද්ගලික රෝහලක සාත්තු සේවය පිළිබදව ප්‍රායෝගික පාඨමාලාවක් කරමින් සිටි සත්සර නිමේෂ් නැමැති බදුල්ල, මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකි.
මියගිය පුද්ගලයා නාරාහේන්පිට ප්‍රදේශයේ පන්සලක නවාතැන් ගෙන සිට ඇති බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා නිරූපණ ශිල්පියකු, නර්ථන ශිල්පියකු සහ රෝහල් සාත්තු සේවය පිළිබදව පාඨමාලාවක් හදරමින් සිට ඇති අතර ඔහු නාරාහේන්පිට ප්‍ර දේශයේ පෞද්ගලික රෝහලක සාත්තු සේවයකු ලෙස කටයුතු කර ඇති බව පොලිසිය පවසයි.
එම පුද්ගලයා ඉකුත් (1) දා රාත්‍රීයේ වැලිකඩ ප්‍රදේශයේදී නිවෙසකට ඇතුළුවී සිට ඇති බව පවසමින් ප්‍රදේශවාසීන් විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට අමතා පොලිසියට බාරදී තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියේදී ඉතින් රට ඉඳි කාල තේකක් බීලා ලෝකප් එකේ වද්දී වෙලා ඉන්දෙද්දී රට ඉඳි ඇටයක් ඉස්පොල්ලේ ගිහින් වෙන්ටැති. ඔහොම වේලාවට් හදීසි ප්‍රථමාධාර දෙන විදිහ ගැනත් පාඨමාලාවක් කලොත් හොඳා, පොලීසියේ මහත්තුරු බංකුවක් ඇරගෙන ඇමතිතුමාගෙන් ඒකත් ඉගෙන ගන්න.
කූඩුවේ ඉඳිද්දී සිරුර බිත්තියේ, යකඩ කූරුවල හප්පගෙන තමාලු අමාරුවෙලා තියෙන්නේ. ඒ ක්‍රමේ අර හිටපු ලොක්කටත් කවුරුහරි කියල දුන්නනම් ජාතික ධනය ඉතුරු වෙනවා.
වැලිගම මිනීමැරුමට වගකියන්න ඕන දේශබන්දු නම්... මේකට වගකියන්න ඕනෑ ඉන්දියාවේ පොලිස්පතිද?