IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


පොලිසියෙන් ඉල්ලූ තහනමට අධිකරණයෙන් දුන් නියෝගය

(රොෂන් තුෂාර)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මේ වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ සිට පා ගමනින් ගොස් විශ්ව විද්‍යාල ප්‍රතිපාදනයක් කොමිෂන් සභාව ඉදිරිපිට සිදු කිරීමට නියමිත උද්ඝෝෂණ ක්‍රියාවලිය වළක්වන්නැයි කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීම  සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්   අසංක එස් බෝදරගම මහතා  කිසිදු නියෝගයක් නිකුත් නොකළේය.

උද්ඝෝෂණය මගින් මහජන පීඩාවක්, නීතිය හා සාමය කඩවීමක් සිදුවන්නේ නම් පොලිස් ආඥා පනත හා අපරාධ නඩුවේ දාන සංග්‍රහ පනතේ විධිවිධාන ප්‍රකාරව  කටයුතු කිරීමේ බලය පොලිසියට ඇති බවත්,එම බලය ක්‍රියාත්මක කිරීමට කිසිදු බාධාවක්  නොමැති බවත් පෙන්වා දුන්නේය.

කුරුදු වත්ත පොලිසිය කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ මෙම උද්ඝෝෂණ පාගමන අද දහවල් දොළහට ආරම්භ කිරීමට නියමිත බවත් මේ වන විට සාමය කඩවීමක් හෝ වෙනත් කිසිදු අන්තරාවක් සම්බන්ධයෙන් කරුණු වාර්තා වීමක් සිදුව නොමැති බවත්ය.

විශ්ව විද්‍යාලය අසල රීඩ් මාවතේ සිට වොට් පෙදෙස මාවත දක්වා මාර්ගයේ මගීන්ට හා රථ වාහනවලට අවහිරයක් බාධාවක් මහජන පීඩාවක් ඇති විය හැකි බවද පොලිසිය වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේය.



අදහස් (1)

පොලිසියෙන් ඉල්ලූ තහනමට අධිකරණයෙන් දුන් නියෝගය

අරවින්ද මොණරවිල Tuesday, 30 September 2025 02:32 PM

රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් රැකෙන බවට ලොවට පෙන්වන්න ඔය පාගමන් උද්ගෝෂණයක් ඉතා හොද සාධකයක්, හැබැයි සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා කටයුතු වලට බාධා නොවන්න ඕවා කරන්න සංවිධායකින් උත්සුක විය යුතුයි...

:       5       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site