IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


පොලිසියට ’’චන්ඩි පාට්’’ දැමූ කතුන් තිදෙනා අත් අඩංගුවට

( ෂේන් සෙනෙවිරත්න සහ ජේ ඒ එල් ජයසිංහ)

අලවතුගොඩ ,රතුකොහොදීගල දීගල ප්‍රදේශයේ  පුද්ගලයෙකු සන්තකයේ හෑෂ් මත්ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරින් ඔහු පරීක්ෂා කිරීමට යාමේදී සැකකරුගේ මව ඇතුළු කාන්තාවන් තිදෙනකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කොට තුවාල සිදුකිරීමේ චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

දීගල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයකු සන්තකයේ හෑෂ් මත්ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරකට අනුව ඊයේ (05) සැකකරුගේ නිවස ආසන්නයේදී ඔහු පරීක්ෂා කිරීමට යාමයේදී එසේ සැකකරුගේ මව ඇතුළු කාන්තාවන් තිදෙනෙකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරෙමින් සැකකරු මුදවාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

පසුව කාන්තා පොලිස් නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් නැවත එම නිවස වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (06) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

විසිපස් හැවිරිදි එම සැකකරු මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මීට පෙර අධිකරණය හමුවේ වරදකරු වී ඇති බවත් ඔහුට එරෙහිව සොරකම් චෝදනා ද තිබෙන බව පොලිසිය කියයි.



අදහස් (1)

පොලිසියට ’’චන්ඩි පාට්’’ දැමූ කතුන් තිදෙනා අත් අඩංගුවට

mahinda mhaththaya Thursday, 06 February 2025 03:11 PM

දුප්පත්කම නිසා ඔවුන්ගේ සමාජ තත්ත්වය හැසිරිමද පහත් තත්වයට වැටී ඇත.

:       3       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site