
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා නව පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (13) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත පත්වීමේ ලිපිය භාර දෙන ලදී.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61 E (b) වගන්තියට අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව මෙම පත්වීම සිදු කර ඇත.
ඒ අනුව, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා 37 වන පොලිස්පතිවරයා ලෙස පත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනයගරුක, නීතීගරුක සේවයක් සලසන පොලිසියක් ඇති කිරීමට සියලු ශක්තිය දහිරිය නිරතුරුවම ලැබේවා...!