
( සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම් )
වාද්දුව තරු පන්තියේ හෝටලයක පෝලන්ත ජාතිකයින් පිරිසක් පිහිනුම් තටාකයේ අවේලාවේ දියනාමින් සිටියදී එයට විරෝධය පලකල පිළිගැනීමේ නිලධාරිනියක පිහිනුම් තටාකයට දමා ඇතැයි පොලිසිය කියයි.
එම හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනිය පසුගිය දිනක රාත්‍රී රාජකාරියේ යෙදී සිට ඇති අතර, ඒ මොහොතේ පෝලන්ත ජාතිකයින් පිරිසක් පිහිනුම් තටාකයේ දිය නාමින් සිට ඇති බව සදහන් වේ.
ඔවුන් මත්පැන් පානය කරමින් අවේලාවේ දියනෑම නිසා එසේ නොකරන ලෙස පිළිගැනීමේ නිලධාරිනිය ඉල්ලීමක් කර ඇති බවද පැවසේ.
එහිදී උරණ වූ පෝලන්ත ජාතිකයින් ඇය නිල ඇඳුමෙන්ම පිහිනුම් තටාකයට දමා ඇති අතර, එහිදී තුවාල ලැබූ පිළිගැනීමේ නිලධාරිනිය පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති බවද පොලිසිය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාවේ, යුක්රේනයේ, නැගෙනහිර යුරෝපයේ ඉඳල එන සංචාරකයින්ගේ විනීත හැසිරීම දවසින් දවසම වැඩිවෙනවා වගේ. එලිමහන් සංගීතෙත් පාන්දර පහ වෙනකම් දාල දෙන්න ඕන මේ අයට.
අනාගතයක් තියා හාල් පොල්වත් නැතිව ඉන්න අපිට මේ වගේ ප්‍රවෘත්තියකින් යන්තම් මූනට සිනා පොදක් ආවා.
ඔය සිද්ධිය වෙලා සංචාරකයෝ ටික රටින් පිටවෙනකනුත් හෝටල් පරිපාලනය කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නෑ. මොවුන්ට තමුන්ගේ සේවකයා මැරුණත් ඊට වඩා සල්ලි ලොකුයි. කාලකන්නි!
බල්ලගේ වැඩේ බූරුවා කලා වහේ.පිලිගැනීමේ නිලධාරීනී සෙකුරිටි ගේ කාර්‍ය් නේ කරලා තියෙන්නේ .අනික ඕකේ ටිකක් නැවා කියන්නේ දිය වෙනවායැ.නාන්නෙම නැති පිලිගැනීමේ නිලධාරීනී කෙනෙක්ද මන්දා
සුද්දට දැන් වදින්න ඔනා කාලේ උන් ආවේ නැත්නම් කන්නත් නැතිවෙනවා දැන් ලංකාව ඉදිරියට යන්නෙ ටුවරිස්ලාගෙනුයි රට විරුවන්ගෙනුයි...