IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පොල්තෙල් ආනයනකරුවන්ගෙන් කෝටි 5000 ක බදු පොල්ලක්

(සුජිත් හේවාජූලිගේ)

පොල්තෙල් ආනයනකරුවන් පිරිසක් රජයට රුපියල් කෝටි 5000ක වැට් බදු ගෙවීම පැහැර හැර ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවසීය.

පොල්තෙල් අානයකරුවන් ගිය වසරේ ජනවාරි මස සිට ඔක්තෝබර් මස දක්වා පිරිපහදු නොකළ පොල්තෙල් කිලෝ කෝටි 3900 ක් ආනයනය කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

බුද්ධික ද සිල්වා මහතා මෙසේ පැවසුවේ දෙහිවලදී පෙරේදා(4) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙරට තිදෙනෙකුට අයිති ආයතන හයකින් මෙම බදු වංචාව කර ඇති බව පවසන ප්‍රධාන කැඳවුම්කරු මේ අය අතර මත්ද්‍රව්‍ය අානයනය කිරීමේ චෝදනාවට ලක් වූ අයද සිටින බව ප්‍රකාශ කළේය.

දේශීය කර්මාන්තකරුවන්ට පනවා ඇති වැට් බද්ද හා සමාන වැට් බද්දක් පොල්තෙල් ආනයනකරුවන්ට පැනවීමට කටයුතු කරන ලෙසත් මෙම විෂ තෙල් හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යයට වී ඇති හානිය එම ජනතාවගෙන් අය කර ගන්නා ලෙසත් ඔහු රජයෙන් ඉල්ලීමක් කරයි.

පැහැර හැර ඇති වැට් බදු ප්‍රමාණය දඩ මුදලක්ද සමග අය කර ගත යුතු බව ඔහු පෙන්වා දෙයි මේ අය මෙම බදු මුදල් වංචා කරන්නේ තනිවම නොවන බවත් මේ සඳහා අනිවාර්යයෙන්ම දේශපාලන බලධාරීන්ගේ සහ රජයේ අැතැම් උසස් නිලධාරීන්ගේ උදව් ලැබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

බුද්ධික ද සිල්වා මහතා මෙසේද පැවසීය.

පොල්තෙල් ආනයනය කරුවන්ට රාජ්‍ය අනුග්‍රහය සහිතව ලබා දෙන බදු සහන හේතුවෙන් දේශීය කර්මාන්තශාලා සියයට අනූවක් පමණ වැසී ගොස් ඇත. මේ හේතුවෙන් ලක්ෂ හතරක පමණ පිරිසක් පාරට ඇද වැටී ඇත. දේශීය කර්මාන්තකරුවා අද නන්නත්තාර වී ඇත.

 



අදහස් (1)

පොල්තෙල් ආනයනකරුවන්ගෙන් කෝටි 5000 ක බදු පොල්ලක්

Mohan Mangala Mapa Sunday, 05 January 2025 07:06 PM

ඇයි මේවා විසඳන්නේ නැත්තේ?

:       0       45

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site