
(යොහාන් භාසුර)
පොලිතීන් සහ ප්ලාස්ටික්වලින් වන පරිසර හානිය වැලැක්වීමට ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සමඟ එක්ව මධ්‍යම පරිසර අධිකාරිය වැටලීම් තිව්‍ර කිරීමට පියවර ගෙන තිබේ.
පොලිතීන් සහ ප්ලාස්ටික අනිසි භාවිතයෙන් වන ව්‍යවසනය පිළිබඳව නිස්පාදකයන්, වෙළෙඳසැල් හිමියන්, එම කාර්ය මණ්ඩල සහ පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට එම වැඩසටහන යටතේ ප්‍රමුඛත්වය හිමිවන බව ද මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
වැඩසටහන ආරම්භ කරමින් පරිසර පොලිසිය සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ සහයොග්ය ද ඇතිව කොළඹ පිටකොටුව ප්‍රදේශයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.


2025 නොවැම්බර් මස 04
832
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලිතීන් - ප්ලාස්ටික් හානි වළක්වන්න අලුත් වැඩක්
sunil Thursday, 20 February 2025 08:56 PM
ඉතා ඛේදජනකයි, පරිසරය ගැන කිසිම අනුකම්පාවක් නැහැ. සිමෙන්ති කොට්ටයේ කඩදාසිය ඉරලා විසිකරනවා. ඒක එක පාරිසරික ප්‍රශ්නයක්. බඩු ගෙනයාමට පොලිතින් බෑග් භාවිතාකොට විසිකරනවා. බොහෝ විට පොලිතින් බෑග් එකක බඩු දාගෙන යනවිට ඉතා සුළු දෙයකින් පවා එය ඉරී බඩු හැලෙන්නත් පුළුවන්. නමුත් සිමෙන්ති බෑග් එක ඉරා දමන්නේ නැතිව පරිස්සමෙන් භාවිතා කරනවා නම්, ඒකෙන් බෑග් කිහිපයක්ම සාදාගන්න පුළුවන්. ඒවා බරැති hardware වැනි බඩු පවා දාලා දෙන්න පුළුවන්. ඉරෙයි කියලා බය නැතිව බඩු ටික රැගෙන යන්නත් පුළුවන්. පරිසරයට කොතරම් ඉතිරියක්ද? පොලිතිනුත් ඉතිරි වනවා. බදු නාස්ති වන්නේ නැහැ. පරිසරය පිළිබඳ හැඟීම ඇතිකරගෙන වැඩ කිරීමට සියලුම ගැනීම වැදගත්... අනවශ්‍ය විධියට පරිසරයට ද්‍රව්‍ය මුදා නොහැරිය යුතුයි. හැකි සෑම විටෙකම භාණ්ඩ නැවත නැවත භාවිතා කරන්න...
Nihal Thursday, 20 February 2025 09:30 PM
බටහිර ධනවත් රටවල පවා පොලිතීන් තහනම් කරලා තහනම් නොකර කිසිදාක මෙය නිමාවක් දැකිය නොහැකියි. පාර දෙපසට කුණු මලු විසි කරලා, කාණුවල වතුර අවහිර වෙලා මදුරුකීට, පොල්කුඩු වගේ ලක්ෂ ගණනින්, ටවුන්වල පිටුපස මුත්‍රා සහ පල්වුණු කුණුවල දැඩි දුර්ගන්ධය මේක රටක් නෙමෙයි අපායක්, දැඩි නීති අණපනත් හදලා ක්‍රියාත්මක කලොත් රට හදාගන්න පුලුවන්, සිංගප්පූරුව හැදුවේ ඒ විදියට,ලෝකේ ඕනෑම රටක් අපිරිසිදුනම් ඉතා දිළිඳුයි. සංචාරකයෝ මූණට නොකිව්වාට සමහර දුෂ්ට මිනිස්සු හතර වටේ පරිසරය වනසනවා..
Anura Friday, 21 February 2025 09:44 AM
පොලිතින් ප්ලාසිටික් පාලනය කරන්න ඕනෑ ඒවා වෙළඳපොළට එන තැනින්මයි දැන් 75 මිලි - 100 මිලි බිම ජාති විකුණනවත් භාවිත කරන්නේ ප්ලාසිටික් බෝතල්...
kam Friday, 21 February 2025 05:52 PM
ලංකාවේ ජනතාව පරිසරය ගැන කිසිම තැකීමක් නැහැ. හිතන්නේ තමන්ගේ පහසුව පමණයි. යන තැනකට බෑග් එකක් අරන් යන්නේ නැහැ. යන යන තැනින් සිලි මලු ගන්නවා. ඊට පස්සේ වීසි කරනවා. නිකං ලැබෙන දේනේ. දැනුවත් කරන එක හොඳයි. රූපවාහිනිය සහ සමාජ මාධ්‍ය භාවිතා කළොත් ඵලදායී වේවි...