
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ගයාන් සූරියආරච්චි)
කොළඹ ප්‍රදේශයේ ස්ථාන තුනකදි සිවිල් පුද්ගලයන් කිහිප දෙනකුද සමග එක්වී මාර්ගයේ ගමන් කරන පිරිස් නවතා පරීක්ෂා කර ඔවුන්ගේ ජංගම දුරකථනවල අන්තර්ජාල බැංකු සේවා මගින් සිය ගිණුම්වලට බලහත්කාරයෙන් මුදල් බැරකර ගත්තේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු ඊයේ (4) සැකපිට අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය සඳහන් කරයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මූලස්‌ථානයේ කොස්තාපල්වරයෙකි.
පසුගිය විසිවැනිදා ලේක්හවුස් ආයතනය ඉදිරිපිට දීද,27 දා බාලදක්ෂ මාවතේදී සහ පසුගිය අටවැනිදා පිටකොටුව ප්‍රදේශයේදී ද රැඳී සිටිමින් මාර්ගවල ගමන් ගත් ඇතැම් පුද්ගලයන් නවතා පරීක්ෂා කර බලා මෙසේ මුදල් ලබාගෙන තිබෙන බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සැකකාර කොස්තාපල්වරයා සමග එක්වී මෙම ක්‍රියාවට සම්බන්ධ වූ සෙසු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහාද පොලිසිය පරීක්ෂණ පවත්වයි.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා ඔහුගේ රාජකාරී වැඩ තහනම් කිරීමට උසස් පොලිස් නිලධාරීන් කටයුතු යොදා අැත
කොටුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාරේ යන මිනිසුන්ගේ ගිණුම්වලින් සල්ලි ඇද්ද පි.සී මාට්ටු
Lalla Saturday, 06 September 2025 09:47 PM
විනය පරීක්ෂණ තියල වැඩ තහනමට ලක්කරන පලක් නෑ.එලියට බැහැල ඔය සොරකම වෘත්තීය කරගන්න එක සහතිකයි. අවුරුදු පහකට වත් මහ උළු ගෙදරට යවන්න ඕන.