IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


ප්‍රංශ තානාපති අගමැතිනී හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති රෙමී ලැම්බර්ට් (Remi Lambert) මහතා  කොළඹ  අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවිය.

දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේ දී  අවධානය යොමු වූ අතර, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා විෂයෙහි නිලධාරීන් සඳහා ප්‍රංශ භාෂා පුහුණු අවස්ථා පුළුල් කිරීම සහ ශ්‍රී ලංකා සිවිල් සේවකයින් සඳහා පුහුණු වැඩසටහන් ශක්තිමත් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය. 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා ප්‍රංශ රජයේ සැලකිය යුතු ආයෝජන මෙන් ම, ශ්‍රී ලංකාවේ පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රංශ රජයේ අඛණ්ඩ සහයෝගය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය සිය ප්‍රසංශාව පළ කළා ය.

මෙම අවස්ථාවට කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි, Marie-Noelle Duris, සහයෝගීතා හා සංස්කෘතික උපදේශක, Olivia Bellemere ද අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (පරිපාලන), ජේ.එම්.අයි.ආර්.කේ. ජයසුන්දර , අග්‍රාමාත්‍ය  අතිරේක ලේකම් (සංවර්ධන), සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ යුරෝපා කලාප අධ්‍යක්ෂ, ඉසුරිකා කරුණාරත්න මහත්ම මහත්මීහු  සහභාගී වූහ.



අදහස් (0)

ප්‍රංශ තානාපති අගමැතිනී හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 229 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 387 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 724 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site