IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ප්‍රංශයේ හිටපු ජනපති අවුරුදු 5 ක් හිරේ

ප්‍රංශ අපරාධ අධිකරණය, එරට හිටපු ජනාධිපති නිකොලස් සාකෝසිට වසර පහක සිර දඬුවමක් නියම කළේය. 

ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේ, ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීතිවිරෝධී අරමුදල් ලබා ගැනීමේ නඩුවකට හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි වරදකරු වූ බවය.

සාර්කෝසි 2007 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගෙන් ලැබුණු එම මුදල් යෙදවීමෙන් යැයි ද චෝදනා එල්ල වී තිබුණි. 

කෙසේ නමුත්, නීතිවිරෝධී අයුරින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මුදල් සැපයීම ඇතුළු මෙම නඩුවේ අනෙකුත් සියලු චෝදනාවලින් සාර්කෝසි නිදහස ලැබූ බව ද පැවැසෙයි.

සාර්කෝසි දේශපාලනයෙන් සමුගත්තේ, 2017 වසරේදීය. ප්‍රංශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඔහු අභියාචනයක් ඉදිරිපත් කළ ද, එය විභාග වන තුරු හෝ වෙනත් නීතිමය ක්‍රියාමාර්ගයක් මගින් දඬුවම අත්හිටුවන තුරු, සාර්කෝසිට සිර දඬුවම විඳීමට සිදුවනු ඇති බවය.

70 හැවිරිදි සාකෝසි 2007 සිට 2012 දක්වා ප්‍රංශයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆි අමු අමුවේ ඝාතනය වූයේ 2011 වසරේ ඔක්තෝබර් 20 වැනිදාය. ඊට හේතුව වූයේ, බටහිර උසි ගැන්වීමෙන් ලිබියාවේ හටගත් ජනතා කැරැල්ලය. 

(ඒ.එෆ්.පී.)



අදහස් (15)

ප්‍රංශයේ හිටපු ජනපති අවුරුදු 5 ක් හිරේ

මැක්ස් Thursday, 25 September 2025 06:58 PM

2010 දී සරත් ෆොන්සේකාට සල්ලි මලු විසි කළේ බටහිර රටවල්ය. 2015 දී මෛත්‍රීපාල සිරිසේනට ඉන්දියාව තල්ලුව දුන්නේය. 2024 දී අනුර කුමාර දිසානායකට මුදල් පොම්ප කළේ යූඑස් ඒඩ් ඇතුලු බටහිර රටවල්ය. විකිලීක්ස් කේබල් මඟින් ද මේවා එළිදරවු වුණේය. නමුත් මේ සම්මජාතියේ නඩු වැටෙන්නේ නැත. නඩුත් බඩුත් දෙකම එකම පිලේ හාංදුරුවන්ගේ නිසායි.

:       43       22

කෞෂිThursday, 25 September 2025 09:14 PM

මැක්ස්, අර දෙන්නව ඉක්මනටම දැම්මොත් අපිටත් සතුටුවෙන්න පුළුවන්. එක්කෙනෙක් දැනටමත් සුදුසුකම් සපුරලා තියෙන්නේ.

:       0       6

SamFriday, 26 September 2025 09:36 AM

ඉතින් කරුණු තියනවනම් සරත් පොන්සේකාට නඩුවක් දාල හිරේ යවන්න තිබ්බනේ. ඇයි බොරු නඩු දාල එතුමා හිරේ දැම්මේ?

:       1       8

ගුණරත්න Thursday, 25 September 2025 07:16 PM

ගඩාෆි කිව්වම දෙපාරක් කැරළි ගහපු එක්තරා ත්‍රස්ත සංවිධානයකට මුදල් ලැබුනෙත් ගඩාෆිගෙන් කියන කතාව මතක් වුණා...

:       27       19

ගුණරත්න Thursday, 25 September 2025 07:17 PM

ගඩාෆි කිව්වාම දෙපාරක් කැරළි ගහපු එක්තරා ත්‍රස්ත සංවිධානයකට මුදල් ලැබුනේත් ගඩාෆිගෙන් කියන කතාව මතක් වුණා...

:       25       15

කෞෂි Thursday, 25 September 2025 09:05 PM

හිටපු ජනපති හිරේ - අපිට මේ සතුට දෙපාරක්ම ලැබෙන්නේ කවදාද? ඥාණක්කේ කියන්නකෝ ! ! !

:       1       9

Ran Tha Thursday, 25 September 2025 09:52 PM

බයි රැල ඉක්මනට පැරිස් හංදියට එන්න...

:       1       9

Rata Perata Thursday, 25 September 2025 09:56 PM

අපේ දේශපාලුවෙක් හිරේ දැම්මම 'Sir බය වෙන්න එපෝ', 'අපි ඔබ සමගයි' කියලා මැරෙන්න හදනවා. කාලකන්නි.

:       1       10

maalaka Friday, 26 September 2025 05:12 AM

කිරිමුට්ටි ගෙනියන්න තැනක්, තිස්ස කුට්ටිට වැඩ ඕසෙට

:       0       9

Chandana Friday, 26 September 2025 06:19 AM

Max _. කම් කම් කම් Gunaya ගෝ Gunaya ගෝ Gunaya ගෝ

:       0       8

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Friday, 26 September 2025 10:11 AM

ගුණරත්න බයියන්ඩිගේ කථාව සහතික ඇත්ත. අපේ සමාගමෙන් අනුමත කරනවා. පියාණෝයි රාජාණෝයි දෙපාරක් ත්‍රස්ත LTTE එකට මුදල් දුන්නා

:       2       10

ගුණරත්නFriday, 26 September 2025 11:20 AM

ලියලා තියෙන දෙයක් කියවා තේරුම් ගන්න බැරි නම් ලොක්කාට පෙන්වල අහන්න. ඊටපස්සේ තේරුමක් ඇති දෙයක් ලියන්න.

:       2       0

swene Friday, 26 September 2025 10:14 AM

ප්‍රංශයේ අයිෆල් කුලුන වටේ, ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයට විරුද්ධව උද්ඝෝෂණ!

:       0       7

Nandalal DE SILVA - France Friday, 26 September 2025 12:32 PM

මේරටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී, නීති ගරුක පිරිසක් නිසා, අපෙ සකල සිරින් පිරි සිරි ලංකාවේ අය මෙන් "හොස්ස ලගින් මැස්ස" ගියත්, ලිප්ටන් වටරවුම හෝ ගාළු මුවදොර පිටියේ උද්ගෝෂණ කරන්න පාරට බහින්න සූදානම් නැත. මෙහෙ ජනතාවට කිරීමට වෙනත් වැදගත් වැඩ කටයුතු තිබේ.. කොහොම වුනත් ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව හිගමනට පත්කර, ඔවුන්ගේ මඩි තර කර ගත් හිටපු ජනාධිපති, මැති ඇමති රංචු පිටින් කූඩු වල ලගිනවා අසන්නට, බලන්නට මටත් තිබෙන්නේ අසීමිත, අහිංසක ආසාවකි ...

:       0       6

යක්ක පුතා Friday, 26 September 2025 02:50 PM

ඒ රටේ නම් ලංකාවේ වගේ ප්‍රබූ හොරු බෙරගන්න වහල්ලු ඇවිල්ල උසාවිය ඉදිරිපිට උත්ගොශ්නය කරන්නේ නැහැ වගේ , ලංකාවට ඒ රට වල තත්වෙට එන්න තව සැහෙන්න කල් යයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 114 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 918 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site